ගුණදාස කපුගේගේ ජනප්‍රිය ගීත 20ක් ගායනා කිරීම තහනම් කරමින් අධිකරණයෙන් වාරණ නියෝගයක් - කපුගේ පවුලෙන් නීතිමය පියවර
කලාසූරී ගුණදාස කපුගේ මහතා විසින් තනු නිර්මාණය කර ගායනා කරන ලද ගීත 20ක් ගායනා කිරීම සහ වෙනත් පාර්ශ්වයන් වෙත ලබාදීම වළක්වමින් පාලි බාග්‍රා හෙවත් පාලිත බණ්ඩාර මහතාට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ගුණදාස කපුගේ මහතාගේ පුත් මිත්‍ර කපුගේ සහ බිරිඳ ප්‍රේමා කපුගේ මහත්මිය විසින් පාලි බාග්‍රා මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
අදාළ වාරණ නියෝගයට ඇතුළත් ගීත 20 අතරට “සීතල සඳ එළියේ”, “දොඹ මල් කැලෑවේ”, “අහස උසට”, “බිම්බරක් සෙනඟ”, “නින්ද නැති රැයේ”, “අභිසාරිකාවන්ගේ”, “දෑස නිලපුල් තෙමා”, “සිංහල සිංදු කියන”, “අයියණ්ඩියේ”, “විදුලි මිනි පහන්”, “මං මුලාවී පාර සොයාගෙන”, “දම් පියාවී”, “දවසක් පැල”, “සිටු කුමාරියේ”, “සඳ හැංගි හැංගි”, “කවුරුත් එන්නැති”, “බිංදු බිංදු තාරකා”, “මගේ සඳ මඬල”, “ඔබ පෙම් කරනා ඔබේ කුමාරි” සහ “රුවක් ඇදෙනවා” යන ගීත ඇතුළත් වේ.
එම ගීත ගායනා කිරීම වාරණය කිරීමට අමතරව, පැමිණිලිකරුවන්ගේ ලිඛිත අවසරයකින් තොරව අදාළ ගීත වෙනත් පාර්ශ්වයන් වෙත ලබාදීම ද අධිකරණය විසින් තහනම් කර ඇත.
පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ අදාළ ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපළ හිමිකම් කිසිදු පාර්ශ්වයකට උල්ලංඝනය කළ නොහැකි බවයි.
පාලි බාග්‍රා මහතා පැමිණිලිකරුවන්ගේ අවසරයකින් තොරව එම ගීත තමන්ගේ ගීත ලෙස ගායනා කරමින් සිටින බවත්, එමඟින් පැමිණිලිකරුවන්ගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
අදාළ නඩුව වැඩිදුර විභාගය සඳහා නොවැම්බර් 27 වැනිදා යළි කැඳවීමට වාණිජ මහාධිකරණය නියෝග කර තිබේ පැමිණිලිකරුවන් වන ප්‍රේමා කපුගේ මහත්මිය සහ මිත්‍ර කපුගේ මහතා වෙනුවෙන් නීතිඥ ඉසුරු අබේවික්‍රම මහතාගේ උපදෙස් මත නීතිඥ සඳුන් සේනාධිපති මහතා පෙනී සිට ඇත.
''අවුරුදු ගාණකින් කතාවත් කරලා නැති කෙනෙක් එක්ක මාව පටලවලා '' පැතිරුණු කටකතාවලට අභිලාෂි නිහඬතාවය බිඳී
අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක දීර්ඝ ජල කප්පාදුවක් - කැලණිය සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඔබේ ප්‍රදේශයත් මේ ලැයිස්තුවේ තිබේදැයි දැන්ම බලන්න