නානුඔයදී බන්ධනාගාර බස් රථයක් සහ මගී බස් රථයක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - 28 දෙනෙකු රෝහලට
By Kanchana
නුවරඑළිය - තලවාකැලේ A7 ප්රධාන මාර්ගයේ නානුඔය, ඩෙස්පෝඩ් ප්රදේශයේදී අද (14) පෙරවරුවේ බස් දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්රික් රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරට ලක් වූ එක් බස් රථයක් බන්ධනාගාර බස් රථයක් වන අතර, එය නුවරඑළිය දෙසට ධාවනය වී ඇත.
ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි අනෙක් බස්රථය නුවරඑළිය සිට අගරපතන දක්වා ධාවනය වී ඇත. මෙම අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.