ඉන්ධන හා ගෑස් මිල ඉහළ යෑම පිටුපස පෞද්ගලික සමාගම් කරන දේ චන්දන සූරියආරච්චි හෙළිකරයි - රාජ්‍ය සමාගම් කලින් ආණ්ඩු විකුණලා [VIDEO]

Report

පෞද්ගලික ඉන්ධන හා ගෑස් සමාගම් සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම් සහ ඒවායේ කොන්දේසි හේතුවෙන් වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ පහළ යමින් පාරිභෝගික ජනතාවට විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුව ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය ආණ්ඩු සමයේ රාජ්‍ය සතු ඉන්ධන හා ගෑස් සමාගම්වල ඒකාධිකාරය බිඳ දැමීම සහ පෞද්ගලික සමාගම්වලට වෙළෙඳපොළට පිවිසීමට අවස්ථාව ලබාදීම හේතුවෙන් වර්තමානයේ මෙම තත්ත්වය මතුව ඇති බවයි.

“අපේ රටේ ඉන්ධන සහ ගෑස්. මේ සියලුම ක්‍රියාවලිය තිබුණේ පසුගිය කාලසීමාව ඇතුළත රජය සතුවයි. රජයේ ඒකාධිකාරිය තුළ රජයේ සමාගම් විදිහට තමයි ක්‍රියාත්මක කළේ. අපි දැක්කා පසුගිය දවස්වල හිටපු ආණ්ඩු ජනතාවට අමුතු ජාතියේ ලොජික් හදලා, මේවා විකුණාහම තරගකාරී වෙළෙඳපොළක් ඇති වෙනවා. ඒ තරගකාරීත්වය ඇතුළේ තමයි මිල අඩු වෙන්නේ කියලා රාජ්‍ය සමාගම් විකුණන්න හිටපු ආණ්ඩු පාර කපාගත්තා. ඒ අනුව තමයි අද ඉන්ධන වෙළෙඳපොළේ මේ තියෙන හැලහැප්පීම්වලට, ගැටලුවලට හේතු වෙලා තියෙන්නේ. ගෑස් සමාගම ගත්තහමත් එහෙමයි. ලංකාව සතු ගෑස් සමාගමේ 20%ක හෝ ඊට ආසන්න ප්‍රමාණයක කොටස් පෞද්ගලික අංශයේ තවත් සමාගමකට පිරිනැමුණා ඒ වකවානුවේ. අද ඒ සමාගම් සතුව තියෙන විවිධ අවස්ථාවන් සහ ගිවිසුම් ප්‍රකාරව ඔවුන් තමන්ගේ භාණ්ඩ අලෙවි කිරීමේදී විවිධාකාරයේ මිල ගණන් ඉහළ පහළ දැමීම් සිදුවෙනවා. ඉතින් මේක අපි දැක්කා. විශේෂයෙන්ම ඒ ගෑස් සමාගම පසුගිය කාලසීමාව ඇතුළේ තමන්ගේ පාරිභෝගිකයන්ට අවශ්‍ය කරන ගෑස් ප්‍රමාණය වෙළෙඳපොළට සපයන්නේ නැතුව විවිධ සීමා කිරීම් තිබුණා. ඒ නිසාම රජයේ ගෑස් සමාගමට වෙනදාට තිබිච්ච නැති බරක්, ඒ වගේම සර්විස් එකක් ලබා දෙන්න සිද්ධ වුණා ඒ පාරිභෝගිකයන්ට, වර්ග දෙකේම ගෑස් පාවිච්චි කරන පාරිභෝගිකයන්ට. ඉතින් ඒ නිසා පසුගිය කාලසීමාව ඇතුළේ අපේ රටේ විශේෂයෙන්ම බලශක්තිය, ඒ වගේම මේ ක්ෂේත්‍රය ඇතුළේ රජය සතු තබාගත යුතු වූ ඒ ඒකාධිකාරිය සහ ඒ වැඩපිළිවෙළ බිඳවට්ටලා දුර්වල කරලා තියෙන නිසා තමයි යම් ප්‍රමාණයකින් නිතරම පාරිභෝගික ජනතාවට විවිධ ප්‍රශ්නවලට මුහුණ පාන්න දෙන්නේ. ඉතින් අපි දන්නවා දැන් ඉන්ධන ගත්තත්, සිපෙට්කෝ එකේ මිලට වඩා ඉහළ මිලයන්වලට ඉන්ධන මිල තීරණය කරන්න ඒ වෙනත් සමාගම්වලට ගිවිසුම් අනුව අවස්ථාව තියෙනවා. ඒ වගේම ගෑස් මේ විෂය ගත්තත් ඒ විදිහ තමයි. ඉතින් ඒ නිසා මේ මිල වැඩිවීම් තීරණය වෙන්නේ සමාගම් සතුව තියෙන ඒ එළඹිච්ච ගිවිසුම්වල විවිධ කොන්දේසි අනුව. ඉතින් අපි මේ වෙලාවේ මතු කරන්නේ කුමන ආකාරයකින් ජනතාවට ඇතිවෙන මේ පීඩාව අවම කරන්න රජය විශාල මැදිහත්වීමක් කරනවා. මේක තේරුම් ගන්න ඕන ජනතාව. අපි දැක්කා විශේෂයෙන්ම ඉන්ධන මිල ඉහළ යද්දිත් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් භාණ්ඩාගාරයෙන් තෙල් සංස්ථාවට ලබා දෙමින් තමයි ඒ මිල පාලනය සහ ඉහළ යන මිල, අධික මිල ජනතාවට නොයෙන විදිහට ඒ කටයුතු ටික කරමින් තියෙන්නේ.

ඉතින් ඒ නිසා මේ ඉන්ධන සහ ගෑස් වෙළෙඳපොළේ ඇතිවෙන මේ මිල ඉහළ යෑම්, පහළ යෑම් වලදී තේරෙන දේ, දැනෙන දේ තමයි මේ සමාගම් සතුව තියෙන විවිධ ගිවිසුම්වල තියෙන ඉඩකඩ පාවිච්චි කරමින් ඔවුන් තම පාරිභෝගිකයන්ට විවිධ විදිහට බර පැටවීම් සහ මිල වැඩි කිරීම් කරමින් තියෙනවා. ඉතින් රජය මේ පිළිබඳව අවධානය යොමු කරමින් තියෙනවා. අපි දැක්කා පසුගිය දවස්වලත් වෙළෙඳ අමාත්‍යාංශය ගෑස් සමාගම සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග ගන්න උත්සාහ කරනවා තමන්ගේ වගකීම් ඉටු නොකිරීම පිළිබඳව. ඉතින් මෙවැනි තත්ත්වයක් මේ වෙළෙඳපොළේ තියෙනවා. ඉතින් ඒක අපි ක්‍රමානුකූලව විසඳාගත යුතුව තියෙනවා. මොකද ඒ ගිවිසුම්වල ඒ සමාගම්වලට තියෙන බලය සහ අයිතිය ගත්තට පස්සේ ඉතින් ඒවටත් නීතිමය පදනම් තියෙනවා. ඉතින් ඒ සියල්ල අපි නිරාකරණය කරගන්න වෙන්නේ ඒ අනුව. ඒ නිසා හිටපු ආණ්ඩු මේ රටත්, ආර්ථිකයත්, මේ සමාගනුත් පඹ ගාලක පටලවලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒවා ලිහා ගනිමින් ජනතාවට එවැනි පීඩාවක් ඇති නොවෙන ආකාරයට කටයුතු කරන්න පුළුවන් කොහොමද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. ඒ පිළිබඳවත් අවධානය යොමු කරමින් තියෙනවා.”

පාසල් සිසුන්ටත් කොටස් වෙළෙඳපොළට පිවිසෙන්න අවස්ථාවක් - 18ට වැඩි 13 වසර සිසුන්ට රු. 10,000ක මුදලක්

පාසල් සිසුන්ටත් කොටස් වෙළෙඳපොළට පිවිසෙන්න අවස්ථාවක් - 18ට වැඩි 13 වසර සිසුන්ට රු. 10,000ක මුදලක්

දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ - ගුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ගැන අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ - ගුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ගැන අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්