අද සිට දිවයින පුරා රජය විසින් කරන්න හදන දේ මෙන්න.

Government Sri Lanka Paddy prices
By Aruna Sep 14, 2021 03:39 AM GMT
Aruna

Aruna

Report

අද සිට නාඩු වී කිලෝවක් රුපියල් 55ට මිල දී ගනී අද සිට නාඩු වී කිලෝවක් රුපියල් 55 බැගින් ගොවීන්ගෙන් මිල දී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

මේ අතර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සතු ව ඇති කුඹුරු ඉඩම් පිළිබඳ ඉදිරිපත් කළ දත්ත පදනම් කරගනිමින් සිදුකළ නියැදි පරීක්ෂණයේ දී එම දෙපාර්තමේන්තුවේ දත්ත සියයට 96ක් ම වැරදි බවට අනාවරණ වුණා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ ගොවීන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව නාඩු වී කිලෝවක් රුපියල් 55ක මිලකට ගොවි බිම්වලට ම ගොස් මිල දී ගැනීමට තීරණය කර ඇති බවයි.

මීට පෙර නාඩු වී කිලෝවක් වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගනු ලැබුවේ රුපියල් 50කට යි.

මේ අතර තැපැල් කාර්යාල බදාදා සහ බ්‍රහස්පතින්දා වසා තැබීමට තීරණය කරයි තැපැල් සේවාවන් සිදුකරන දින ගණන සීමා කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කළේ නිරෝධායන ඇඳිරි නීතිය පවතින ඉදිරි සතිය තුළ දිවයිනේ සියලු තැපැල් කාර්යාල සඳුදා, අඟහරුවාදා, සිකුරාදා හා සෙනසුරාදා විවෘතව තැබෙන බවයි.

බදාදා සහ බ්‍රහස්පතින්දා දින 2ක තැපැල් කාර්යාල වසා තබන බව එම නිවේදනයේ සදහන් වේ.

නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලය තුළ කාර්යාමණ්ඩලයේ 500ක් පමණ කොවිඩ් ආසාදනය වූ බව ද තැපැල්පතිවරයා සදහන් කරයි.

මේ හේතුවෙන් තැපැල් කාර්යාල 50ක් පමණ පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් පවතින බව ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් වැඩිහිටි ආධාර දීමනා ඇතුළු ගෙවීම් කටයුතු ලබන 17 වනදා සහ 18 වනදා සිදුකිරීමට නියමිතව තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha