රාජ්‍ය නිළධාරින් අලුතින්ම කළ යුතු දේ ගැන දැනුම් දීමක්..

Government Employee Government Of Sri Lanka
By Sithumi Jun 02, 2022 10:54 AM GMT
Sithumi

Sithumi

Report

රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා වගා කටයුතුවලට යොමුවී ජනතාව ඒ සඳහා දිරිමත් කිරීම ඉතාමත් කාලෝචිත බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය

. රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මත ඉදීරියේදී ආහාර හිඟයක් මතුවීමේ අවදානමක් ඇති බව විද්වතුන් පෙන්නුම් කරදී ඇති පසුබිමක රටක් ලෙස මෙම තත්ත්වයට මුහුණදීමට සියලු දෙනා එක්ව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් රටේ තරුණ ප්‍රජාව මෙම කාර්ය සදහා සෘජුවම දායකකරගැනීම සදහා වූ විධිමත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමට තරුණ කටයුතු භාර සිය අමාත්‍යංශයේ වගකීමක් බවත් අමාත්‍යවරයා කීය.

අවුරුදු 15 සිට අවුරුදු 29 දක්වා වයස් පරතරයේ පසුවන ලක්ෂ 50කට ආසන්න තරුණ තරුණියන් ඉලක්ක කර නව වැඩසටහන් දියත් කිරීම හරහා පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදී ඉදිරියේදී ඇතිවිය හැකි ව්‍යසනයන්ගෙන් රට මුදවා ගැනීමට කටයුතු කළ යුතු බව කී අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසුවේ ලක්ෂ 17කට වැඩි රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ට උද්ගතව ඇති අර්බුදකාරී තත්වය හමුවේ නිවසේ සිට රාජකාරි කිරීමට ලැබෙන දිනවලදී නිවසේ වගා කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතු බවයි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ටොරින්ටන්හි පිහිටි තරුණ හා යෞවන කටයුතු අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී එසේ පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now