කවුද මේ හින්දි නිළියන් පරාද වන ලංකාවේ දැනට ඉන්න ලස්සනම කෙල්ල ? (PHOTOS)
ලංකාවේ ලස්සනම කෙල්ල කීවාම , රසික හදවත් දිනාගත් හින්දි නිළියකටත් වඩා ලස්සන ශනුද්‍රි පියසාද්ව නොදන්නා කෙනෙක් නැති තරමටම ප්‍රේක්ෂක පිරිසක් ඇයට ඉන්නවා කියලා අපි දන්නවා.
විවිද නව නිර්මාණ ඔස්සේ සහ වෙනස්ම විදියේ චරිත වලින් තමයි ශනුද්රිව අපට රූපවාහිනියෙන් දැකගන්න ලැබෙන්නේ. කොළඹ ඉතාලිය, තාදී, දිවිතුරා වැනි නිර්මාණ බොහෝ ප්‍රමාණයක ප්‍රධාන චරිත වලින්ම ඇයව දකින්න ලැබීමත් විශේෂත්වයක්. නමුත් ඇය රටේම ආදර දිනාගෙන වැඩිම ජනප්‍රියත්වයක් දිනාගත්තේ දෙවනි ඉනිම ටෙලිනාට්‍ය නිසා කිව්වොත් හරි. එතනින් තමයි ඇය මිනිස්සුන් අතරට ඇවිත් ආදරේ දිනාගත්තේ. ඒ ඔස්සේ ශනුද්රිට ජනප්‍රියම නිළිය වශයෙන් සම්මාන දිනගන්නත් හැකි වුනා.
එකවර නිර්මාණ කිහිපයකට සම්බන්ද වෙලා නැවත ටික දවසක් දකින්න නොලැබිලා නැවතත් අලුත්ම විදියේ නිර්මාණ වලින් ප්‍රේක්ෂකයින් හමුවට එන කෙනෙක් තමයි ශනුද්‍රි. රංගනය, ගායනය, නර්තනය, නිවේදනය ක්ෂේත්රය වගේ ගොඩක් දේවල් වලින් පිරිපුන් කෙනෙක් නිසාම කළාව ඇයට ලැබිලා තියන තැන ගොඩක් ඉහලයි.
ප්‍රියසාද් පවුලේ චූටි දියණිය ලෙසින් රටක් ආදරේ කරන ශනුද්‍රි හැමදාමත් ප්‍රේක්ෂක හදවත් වල සිටින කෙනෙක්. කොහොමටත් එකම විදියේ චරිත ගොඩක් කරනවට වැඩිය වෙනස් විදියේ එක දෙයක් කරන එක හොඳයි කියලයි ඇය පවසන්නේ. කොළඹ ඉතාලියේ එක චරිතයක්, දිවිතුරා ටෙලිනාට්‍යයේ ගත්තොත් අම්මා සහ සීයා එක්ක හැදෙන අහිංසක ගැහැණු ළමයක්, ගමනේයා ටෙලි නාට්‍යයේ ආදරය කරන තරුණියක්.
ඒවගේ වෙනස් දේවල් වලින් අලුත් දෙයක් කරන්න නිතරම උත්සහා කරනවා කියලයි ශනු කිව්වේ. ඒවගේම ඉතාම කෙටි කාලයක් තුල ජනප්‍රියම නිළිය විදියට සම්මාන දිනාගන්න තරම් ප්‍රේක්ෂක ආදරයක් ලබන්නේ ඇයගේ තියන දක්ෂතා නිසාමයි.
ටික කාලයක් නිහඩව ඉඳලා ප්‍රේක්ෂකයින් අතරට ආවම මිනිස්සුන්ට එපවෙන්නේ නැහැ කියලයි ශනුද්‍රිගේ අදහස වෙන්නේ. දමදාම හොඳ දෙයක් කරලා ඉස්සරහට යන බලාපොරොත්තුවත් එක්කම අක්කලා දෙන්නා, අම්මා, තාත්තා හැම කෙනෙක්ගේම නමත් රැකගෙන ඉස්සරහට යන්නයි ඇය වැඩ කටයුතු කරන්නේ. ලැබෙන වටිනාකමට උපරිම සදරනයක් කරනවා වගේම මුදල් ලැබුනා කියලා අකමැති දේවල් පස්සේ යන්නෙත් නැහැලු.
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න. |