තව සති 03කින් මෙරට ජනතාවට සුබ ආරංචියක්..
Gas
Litro gas
Lp gas
Theshara jayasinghe
By Aruna
ගෑස් සිලින්ඩර සැපයීම තවත් සති තුනකින් සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි වාර්තා වනවා.
2020 දෙසැම්බර් 20 දින නිකුත් කරන ලද නව රෙගුලාසි යටතේ බෙදා හැරීම අවසන් වන අතර නව ප්‍රමිතීන් යටතේ ප්‍රමාණවත් සිලින්ඩර ප්‍රමාණයක් සැපයීමට ලිට්‍රෝ සමාගමට කාලය අවශ්‍ය බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ප්‍රකාශ කළා.
මේ අතර, අද දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් පිපිරිම් වාර්තා වු අතර, ගැස් මිළදි ගැනිම සඳහා ජනතාව දිගු පෝලිම් වල රැදී සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ගෑස් අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.
එහිදී ඔහු කියා සිටියේ, ලිට්රෝ සමාගමේ සභාපතිවරයා විසින් නියමිත ප්‍රමිතියෙන් යුතුව වෙළඳපොලට ගෑස් සැපයිය යුතු බවත්, එසේ නොවන්නේ නම් ඔහුට තනතුරෙන් ඉවත් වීමට හැකියාව පවතින බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |