ශ‍්‍රී ලංකාව ගොඩදාන්න සූදානම් බව ගෝලීය ප‍්‍රධානියෙක් දැනුම් දෙයි..

By Aruna Aug 16, 2022 04:27 AM GMT
Report

ජාත්‍යන්තර දෙමළ සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය ගනු ලැබූ පියවර කෙරෙහි ප්‍රසාදය පළ කරන බව ගෝලීය ද්‍රවිඩ සංසදය සඳහන් කරයි.

එම සංවිධානයේ සභාපති මහාචාර්ය එස්.ජේ. එමානුවෙල් පියතුමන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ව්‍යාජ බිය සහ සැකය යන චෝදනාවට පදනම් වූ පනවා තිබූ තහනම ඉවත් කිරීම සතුටින් පිළිගන්නා බවද හෙතෙම එම පණිවිඩ මගින් කියා සිටියි.

එක්ව රට ගොඩනැඟීමට සියළු ශ්‍රී ලාංකිකයන් එක්වන ලෙසද ඉල්ලා සිටින ඔහු වාර්ගික හා ආගමික වෙනස්කම් පිළිබඳව ලාංකිකයන්ගේ ආකල්ප වෙනස් විය යුතු බවද කියා සිටී.

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා රජය විසින් මෙම තහනම ඉවත් කිරීමේ පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදයට දිර්ඝ කාලීන විසඳුම් සෙවීමේ අරමුණින් බවයි.

දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සමග එක්ව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීමට හැකිවනු ඇති බවත් විදේශ සංචිත ඉහළ නැංවීමට හැකි වනු ඇති බවත් ජනාධිපතිවරයාගේ අදහස වී ඇති බවද එම මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now