ශ්‍රී ලංකාවේ ඖෂධ සැපයුම බරපතළ අනතුරක - වහා පියවර නොගත්තොත් වෙන දේ භයානක බවට නිවේදනයක්
ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ සැපයුම බරපතළ අනතුරකට ලක්ව ඇති බවත්, එය වළක්වා ගැනීමට වහාම ප්‍රායෝගික පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) රජයෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව ගෝලීය සහ දේශීය ආර්ථික සාධක රැසක් නිසා ඖෂධ සැපයුම් දාමය මත එල්ල වී ඇති පීඩනය තවදුරටත් දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව එම මණ්ඩලය අවධාරණය කර තිබෙනවා.
එසේම ඉන්ධන මිල 38% කින් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු 40% කට වඩා ඉහළ ගොස් ඇති බැවින් ඖෂධ අමුද්‍රව්‍යවල ගෝලීය මිල ඇතැම් අවස්ථාවල 70% දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.
තවද ඔවුන් පෙන්වා දෙන්නේ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ආනයන පිරිවැය දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවයි.
එසේම ආනයන බලපත්‍ර අලුත් කිරීමේ ප්‍රමාදය සහ මිල සමාලෝචන ක්‍රියාවලියේ පවතින ගැටලු නිසා ඖෂධ නියමිත වෙලාවට වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වී ඇති බව ද සඳහන්.
ඒ අනුව මෙය කර්මාන්තයට පමණක් සීමා වූ ගැටලුවක් නොව ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් බව මණ්ඩලය දැනුම් දෙයි.
එබැවින් වහාම පියවර නොගතහොත්, රජයේ සහ පෞද්ගලික රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර වනු ඇති අතර රෝගීන්ට අත්‍යවශ්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම හෝ අඩාල වීම සිදුවනු ඇති බව පවසයි.
එමෙන්ම ඖෂධ සැපයුම ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) පහත පියවර වහාම ගන්නා මෙන් යෝජනා කර ඇත.
ආනයන බලපත්‍ර ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් වහා විසඳීම. පිරිවැය ඉහළ යාමට සාපේක්ෂව විනිවිදභාවයකින් යුත් මිල සමාලෝචන ක්‍රමවේදයක් සකස් කිරීම. සැපයුම් දාමයේ අඛණ්ඩතාව රැක ගැනීම සඳහා නියාමකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් එක්ව කටයුතු කිරීම.
මේ අතර "අද පවතින මෙම පීඩනය හෙට ජාතික ඖෂධ හිඟයකට හැරෙන්නට පෙර, සියලුම අදාළ පාර්ශව මෙම ගැටලුව උපරිම හදිසිතාවයකින් සලකා බැලිය යුතුයි," යනුවෙන් ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය(SLCPI) සිය නිවේදනයෙන් අවධාරණය කර ඇත.
ලොවම බලා සිටි සාම පාගමනේ භික්ෂූන් තව සුළු මොහොතකින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසට - හෙට සිට යන පාර මෙන්න
අඳාළ සම්පූර්ණ නිවේදනය පහතින්,
