69 ලක්‍ෂයේ දැන් ඉතිරි ලක්‍ෂ 09 විතරයි.. ඉතිරි ලක්‍ෂ 60ම විපක්‍ෂයටයි..රටට වෙච්ච දෙයක්.

Sri Lanka Mahinda Rajapakshe Gotabaya Rajapakshe Samagi janabalawegaya V. Radakrishnan
By Aruna Oct 10, 2021 01:31 AM GMT
Aruna

Aruna

Report

කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ කිහිපයකම මිල ඉහල දැමිම වතුකරයේ ජනතාවට මෙන්ම සමස්ත රටේ ජනතාවට දරාගත නොහැකි බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ( ජාතික සමගි ජන බල පෙරමුණ) වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

වි.රාධාක්‍රිෂ්ණන් මහතා ඒ බැව් කියා සිටියේ කිරිපිට මිල වැඩි කිරිම සම්බන්ධයෙන් හැටන් නගරයේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමිණි.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ.

මේ ආණ්ඩුව ජනතාවට වංචා කරලා භාණ්ඩ මිල වැඩි කරනවා, මේ දවස් වල වෙලදපොලේ කිරිපිටි , පාන් පිටි , ගැස් සහ සිමෙන්ති නැතුව ගැටළුවක් මතු වෙලා තියෙනවා.

නමුත් ජනතාව වැඩි මිලට එම භාණ්ඩ මිලද ගත්තා, කර්මාන්ත ශාලා විසින් එම භාණ්ඩ මිල වැඩි කිරිමට ඉල්ලලා තියෙනවා.

දැන් රජය තිරණය කරන මිල නෙවෙයි කර්මාන්ත ශාලා හිමියන් ඕනි මිලට අලෙවි කිරිමට දැන් අවසර ලබා දිලා තියෙනවා.

දැන් වෙලදපොලට භාණ්ඩ එනවා, මිල වැඩි.

මේක තමයි ආණ්ඩුව වංචා සහගතව භාණ්ඩ මිල වැඩි කිරිමට ගන්නා උපාය මාර්ගය.

හැමදාම මේ වංචාව කරන්න බැ, ආණ්ඩුවට මිල පාලනය කරන්න හැකියාවක් නැ දැන්.

හාල් මිල පාලනය කරන්නේ පොලොන්නරුවෙන්, පිටි මිල පාලනය කරන්නේ ඇමරිකාවෙන්.

අනෙකුත් භාණ්ඩ මිලතිරණය කරන්නේ පිටරට කර්මාන්ත ශාලාවලින්. දැනට නැවේ තියෙන භාණ්ඩ වෙලදපොලට එනවා , ආයෙත් ගෙන්න ඩොලර් ගෙවන්න ඕනි.

ලංකාවේ ඩොලර් නැ කියලා කියනවා. කබ්රාල් මුදල් අච්චු ගහනවා, එතකොට ඩොලර් මිල වැටෙනවා.

වතුකරයේ ජනතාව වැඩිපුර කන්නේ පාන් පිටි, පිටි මිල වැඩි කරාම ප්‍රශ්නයක් එනවා.

ඉස්සර වතු වල දින 25 ක් වැඩ දෙන්න ඕනි කියලා කොන්දේසියක් තිබුණා, දැන් කොන්දේසි අයින් කරලා කිසිම කොන්දේසියක් නැ.

රු 1000 තවම හම්බුණේ නැ , රැකියා නැති වෙලා දුක් විදිනවා වතුකරයේ ජනතාව.

වාසුදේව නානායක්කාර මහතා පාරට බහිනවා කියලා පාර්ලිමේන්තුවේදි කිව්වා, ආණ්ඩුවේ ඇමතිවරුම එහෙම කියනවා නම් අපිටත් පාරට බහින්න තමයි වෙන්නේ.

එක පැත්තකින් ගුරුවරු වර්ජනය කරනවා, ගොවියේ වර්ජනය කරනවා , වතුකරයේ ජනතාවක් පාරට බැස්සනම් ආණ්ඩුව ඉවරයි. මේ ජනතාවට තියෙන්නේ ජිවන ප්‍රශ්නයක්නේ .

අතේ සල්ලි නැත්නම් කොහොමද භාණ්ඩ මිල දි ගන්නේ.

එහෙම භාණ්ඩ මිල දි ගන්න නම් වතු කම්කරුවන්ට දින 25 ක වැඩ දෙන්න ඒනි, රු 1000 වැටුප ලබාදෙන්න ඕනි.

වතු සමාගම් සහ වතු කම්කරුවන්ටත් පොහොර ප්‍රශ්නයක් තියෙනවා.

වතු සමාගම් පොහොර භාවිතය අඩු කරනවා , කොමිපොස්ට් පොහොර කොහොමද යොදන්නේ වතු සමාගම් අක්කර විශාල ප්‍රමාණයකට? කාබනික පොහොර වගාව සාර්ථක නැ ලංකාවේ.

ජනාධිපතිතුමා කියනවා ඒක සාර්ථක වෙනවා මේක ගෙනියන්න ඕනි කියලා.

කාබනික පොහොර භාවිතය ලෝකෙන්ම 14% තමයි සාර්ථක වෙලා තියෙන්නේ.

ඒක සාර්ථක වෙන්න තව අවුරුදු 20-25 යන්න වෙනවා , එතකොට අපි මැරිලා ඉවරයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ කාලයෙන් පසුව භාණ්ඩ සදහා පොලිම් තිබුණේ මේ ආණ්ඩුව කාලයේ.

කිරිපිටි පැකට් එකක් රු එක්දහස් ගාණක් , එක් මිල දි ගන්නා වතු කම්කරුවන් එන්න ඕනි දිනක වැටුප අත ඇරලා පොලිම් වල ඉන්න.

කිරි මව්වරුන්ට සහ කුඩා දරුවන්ට කිරි නැතුව අමාරුයි, ඉදිරියට පෝෂණය නැතුව ළමයි හැදෙනවා ලංකාවේ.

පලාත් පාලන මැතිවරණය පවත්වනවානම් අපි කැමති , මේ රටේ දැන් මැතිවරණයක් එන්න ඕනි.

පලාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට කියනවා කියලා බැසිල් රාජපක්ෂ කිව්වා. 69 ලක්ෂයක් ජන්දය දුන්නේ අවු 02 ඉස්සෙල්ලා, දැන් ඕනි නම් ලක්ෂ 09 විතර ජන්දය දෙයි.

අනිත් ජන්ද විපක්ෂයට ලබාදෙයි. ජනතාව කලකිරිමට ලක් වෙලා ඉන්නේ යනුවෙන් පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now