අද සිට ත්‍රිවිධ හමුදාවට දින 46ක විශේෂ කාලයක්..
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබාදී ඇති පොදු සමා කාලසීමාව අද සිට ආරම්භ වනවා.
ඒ අනුව අද දිනයේ සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා දින 46ක කාලයක් එම පොදු සමා කාලය බලපැවැත්වෙන බවයි යුධ හමුදා අධ්‍යක්ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසුවේ.
සේවය හැරගොස් සිටින යුද හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට හෝ නැවත සේවයට එක්වීමට අදාළ පොදු සමා කාලය තුළ අවස්ථාව පවතින බවයි යුධ හමුදා අධ්‍යක්ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් රවී හේරත් මහතා වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර විශේෂ කාණ්ඩ හැරුණු කොට සන්නද්ධ හමුදා සාමාජිකයින් සදහා අවුරුදු 18ක සේවා කාලයකින් පසු විශ්‍රාම යාමට ඉඩ ප්‍රස්ථාව ලබාදීමටද මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.
ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම්වල නිරතවීමට හැකිවන සේ ඔවුන්ට නිසි පුහුණුවක් ලබාදීමටද ක්‍රියාමාර්ග ගන්නා බවයි 2023 අයවැය යෝජනාවල දැක්වෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |