රහසේ මෙරටට ඇතුළුවූ ඇමරිකානු භටයෙක් රහසේම පැන ගිහින්.

America Sri Lanka Defence
By Aruna Jun 27, 2021 08:23 AM GMT
Aruna

Aruna

Report

යූ.එස්.ඒඩ් සංවිධානයේ මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු සඳහා ඇමරිකානු හමුදාවේ හිටපු නිලධාරීන් හොර රහසේ පැමිණ සිටින බවට හෙළිවීමෙන් පසු රජය විසින් විමර්ශන ඇරැඹීමත් සමග එක් නිලධාරියකු පසුගිය සතියේ මෙරටින් පිටව ගොස් තිබේ.

මාර්ක් බින්බෝම් (Mark Birnboum) නමැති මෙම ඇමරිකානු හමුදා නිලධාරියාට පසුගිය සතියේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව ඔහු පවුලේ සාමාජිකයන් සමග රුමේනියාවට පිටව ගොස් ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් නොකර සංචාරක වීසා මත ඇමරිකානු හමුදාවේ සාමාජිකයන් මෙරට පැමිණ ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයට ලද පැමිණිල්ලක් මත විමර්ශන අරඹා ඇතැයි සති අග ප්‍රධාන පුවත් පතක් හෙළිකෙරිණි.

මියන්මාරයේ සිට මෙරටට පැමිණි අදාළ හමුදා නිලධාරියා ගැන විමර්ශන ඇරැඹීමත් සමග නේවාසික වීසා ලබා ගැනීමට ගිය සතියේ කළ ඉල්ලීම මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් අංශය ප්‍රතික්ෂේප කර තිබිණි.

මෙරටින් පිටව ගිය නිලධාරියාට අමතරව ඇමරිකානු හමුදාවේ හිටපු තවත් නිලධාරීන් සිව්දෙනකු රාජ්‍ය නොවන සංවිධානවලට මුවාවී මෙරටට පැමිණ ඇතැයි හෙළි වී ඇති බවත් ඔවුන් සම්බන්ධව විමර්ශනයක් සිදු කරන බවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේය.

සබැඳි පුවත – ඇමරිකානු සෙබළ මුලක් හොර රහසේ ලංකාවට ඇතුළු වෙලා –


https://bit.ly/3y20udx

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha