ඉහළම තරඟකාරිත්වයක් ඇති විභාගයකට දින නියම වෙයි - මේ සුදුසුකම් සපුරා ඇත්නම් මේ සදහා ඉල්ලුම් කළ හැකිය.
By krishani
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහකාර රේගු අධිකාරි තනතුර සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබෙනවා.
ඒ අනුව මේ සඳහා වයස අවුරුදු 21ත් 35ත් අතර උපාධිධාරීන්ට අයදුම් කිරීමේ හැකියාව පවති.
එමෙන්ම මේ සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂාවට සම්මාන සාමාර්ථයක් හා උසස් පෙළ ඉංග්‍රීසි භාෂාව සඳහා සාමාන්‍ය සාමාර්ථයක් තිබීම අත්‍යවශ්‍ය වේ.
මෙරට තරඟ විභාග අතරින් ඉහළම තරඟකාරීත්වයක් ඇති විභාගයක් වන මෙම විභාගය සඳහා මෙවර වයස අවුරුදු 35 දක්වා වූ උපාධිධාරීන්ට අවස්ථාව ලබා දීම විශේෂයකී.
මේ සඳහා මෙවර අයදුම් කළ හැක්කේ මාර්ගගත ක්‍රමවේදයට පමණක් වන අතර අදාළ විභාගය සඳහා ඔක්තෝම්බර් 16 දින දක්වා අයදුම් කළ හැකිය.
කෙසේ වෙතත්, ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ විභාගය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බවයි .