සාමාන්‍ය පෙළ විභාගයත් කල් යයි?. - විෂයභාර අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.

Report

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම මාස එක හමාරකින් පමණ කල් යා හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (22) හෝමාගම - පිටිපන ප්‍රදේශයේ  පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ය.

මානව හිමිකම් කොමිසමට ගිය උසස් පෙළ සිසුන් - උසස් පෙළ විභාගයට මොකද වුනේ?. ඒ ගැන සම්පූර්ණ තොරතුර..

මානව හිමිකම් කොමිසමට ගිය උසස් පෙළ සිසුන් - උසස් පෙළ විභාගයට මොකද වුනේ?. ඒ ගැන සම්පූර්ණ තොරතුර..


අමාත්‍යවරයා පෙරේදා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ නොවැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කල් දමන බවයි.

ඒ අනුව විභාගය පවත්වන නව දිනය ඉදිරි සතියේ දී විභාග කොමසාරිස්වරයා විසින් නිවේදනය කරනු ඇති බව ඔහු එහිදී සඳහන් කළේ ය.