ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට ඉන්දියාවේ දී එකවරම අත් වුණ අසතුටුදායක දෙයක් - බංගලාදේශ ටීම් එකත් වහාම අතහැර දමයි..
Cricket
Sri Lanka Cricket
Sri Lanka
India
By krishani
මේ වන විට ඉන්දියාවේ අගනුවර වන දිල්ලිහි වායු දූෂණය නරක අතට හැරෙමින් පවතී.
පළමු වතාවට නගරයේ වාතයේ ගුණාත්මක භාවය දරුණු මට්ටමට පහත වැටී ඇති අතර එය ඉදිරි සති දෙක තුළ තවත් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව විද්‍යාඥයෝ සඳහන් කරයි.
දිල්ලි ක්‍රීඩාංගනයේ දී ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරඟයක් ලබන 6 වැනිදා පැවැත් වීමට නියමිතයි.
ඒ වෙනුවෙන් ඊයේ (04) පුහුණු සැසියක් පැවැත් වීමට තීරණය කර තිබුන ද කණ්ඩායම් දෙකම එම පුහුණු සැසි අත් හැර දමා ඇත.
ඒ දිල්ලි නුවර පවතින අධික වායූ දූශනය බැවින් ය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායම ලබා දුන් උපදෙස් හේතුවෙන් පුහුණු සැසිය නොපැවැත් විය.
එමෙන්ම බංගලාදේශ කණ්ඩායම ද සිය පුහුණු සැසි අතහැර දැමා ඇත.
කෙසේ නමුත් 2017 වසරේ දී දිල්ලි නුවර දී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙවැනි තත්වයකටම මුහුණ පෑවා.
