ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත්ම තැනක්..
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. එනම් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ අනුව එහි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 09 වන ස්ථානයයි. ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගනීමත් සමඟ ශ්‍රී ලංකාව මෙලෙස 09 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
එහිදී සුපිරි හඹා යාමක් සිදුකළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක ජයක් හිමිකර ගැනීමට සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රසාද ලකුණු 10ත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 77ක් ලබාගනිමින් මෙලෙස 09 වන ස්ථානයේ රැඳී සිටී.
කෙසේ වෙතත් 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සෘජුවම සුදුසුකම් ලබන කණ්ඩායම් 08 අතරට තේරී පත්විමට නම් ශ්‍රී ලංකාවට තවත් අභියෝගයක් ජයගතව යුතුව ඇත. ඒ නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ තරග තුනම ජය ගැනීමයි.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        