එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉහළට එයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින පිතිකරුවන් සහ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් සටහනේ කැපීපෙනෙන ලෙස ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා සහ දුෂ්මන්ත චමීර සමත් වී තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ශ්‍රේණිගත කිරීමේ සටහන ඊයේ (02) නිකුත් කෙරුණි.
එම නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා පිතිකරු ශ්‍රේණිගත කිරීමේ සටහනේ 42 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
කුසල් පෙරේරා නිමා වු බංග්ලාදේශ එක්දින තරගාවලියේ අවසන් තරගයේදී සිය 6වන එක්දින ශතකය වාර්තා කිරීමට සමත් වී තිබුණි.
මේ අතර බංග්ලාදේශ සමග පැවැති තුන්වන එක්දින තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිතර වු වේග පන්දුයවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ සටහනේ 33 වන ස්ථානයට පැමිණ තිබේ.
දුෂ්මන්ත චමීර බංග්ලාදේශය සමඟ පැවැති 3 වන එක්දින තරගයේදී ලකුණු 16කට දවා ගත් කඩුලු සංඛ්‍යාව 5කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
