ශ්‍රී ලංකා කණ්ඩායම අද ලෝකයේ ප්‍රබල තැනකට එයි..ලෝකෙන්ම හිමි වූ ස්ථානය මෙන්න.
බංග්ලාදේශය සමඟ පැවති ටෙස්ට් තරගාවලිය 2 ට බිංදුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත්වී තිබෙනවා.
ඒ අනුව, දෙරට අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 192කින් ශ්‍රී ලංකා කණ්ඩායම අද ජය ගැනීමට සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 531 ක් ලබාගත්තේ වාර්තාපිට වාර්තා තබමින්.
ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශ පිලට ලබාගත හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 178 ක් පමණි.
අනතුරුව දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් සාර්ථකත්වයකින් ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, ඔවුන් කඩුලු 07 කට ලකුණු 157 ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළේ ය.
අනතුරුව තරගය ජයග්‍රහණය සඳහා 512 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ පිලට සිය දෙවන ඉනිමේදී සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 318ක් පමණයි.
ඒ, අනුව මෙම තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුණා.
මේ අතර, icc ලෝක ශුරතා ටේස්ට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්‍වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.
ඒ බංගලාදේශයට එරෙහිව ලැබූ තරගාවලි ජයෙන් අනතුරුවයි.
එම ශ්‍රේණි ගත කිරීම් සටහනේ ශ්‍රී ලංකාවට ඉහළින් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය පසු වන අතර ඔවුන් පිළිවලින් පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථනවල පසුවෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් ටේස්ට් තරගයකට මුහුණ දීමට සිදු වන්නේ එංගලන්ත කණ්ඩායම සමඟ වන අතර ඔවුන් එම ශ්‍රේණි ගත කිරීම් සටහනේ රැදී සිටින්නේ 09 වැනි ස්ථානයේයි.
