ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට දුක්බර ආරංචියක්..තවත් බලාපොරොත්තුවක් සුන් වෙයි..
2025 වසරේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් කණ්ඩායම් අට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වීමත් සමගයි.
ඒ අනුව ශූරයන්ගේ කුසලානය සඳහා සහභාගී වන රටවල් වන්නේ සත්කාරක
01.පාකිස්තානය
02.ඉන්දියාව
03. දකුණු අප්‍රිකාව
04.ඕස්ට්‍රේලියාව
05. නවසීලන්තය
06.ඇෆ්ගනිස්ථානය
07.එංගලන්තය
08.බංග්ලාදේශය
මෙම තරගාවලිය පාකිස්තානය දී පැවැත්වීමට නියමිතව තිබේ.
ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී අවසන් දෙදෙනා බවට පත්වූ ශ්‍රී ලංකාවට නෙදර්ලන්තයට මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා.
එමෙන්ම ලෝක කුසලානයට සහභාගී නොවූ බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාවේ, අයර්ලන්ත කණ්ඩායම් වලට ද එම තරගාවලිය අහිමි වී ඇත.