මෙරට කොවිඩ් ගැන අනතුරු ඇඟවීමක්..ඉක්මනින්ම මේ දේවල් කරන්න.
කොවිඩ් පැතිරීම ප්‍රබලව සිදුවන හෙයින් හැකිනම් මුව ආවරණ දෙකක් පළඳින ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොවිඩ් මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
එමෙන්ම නිවෙසින් එළියට යන අවස්ථාවේදී “ෆේස් ෂීල්ඩ් ” ආවරණයක් පැළඳීමද ඉතා වැදගත් බවත් ඇය සඳහන් කළා.
මේ අතර ළඟම ඇති සායනයට ගොස් වර්ගය, ජාතිය නොබලා කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක් කඩිනමින් ලබා ගන්නා ලෙස ජනතාවගෙන් තමා ඉල්ලීමක් කරන බවයි ඇය සඳහන් කළේ.
මේ අතර පවතින සංචරණ සීමාවන්ගේ ප්‍රතිඵල දැක ගැනීමටනම් දැනට ක්‍රියාත්මක අගුලු දැමීම අවම වශයෙන් තවත් සති දෙකක්වත් දීර්ඝ කළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.
මිනිසුන් සෞඛ්‍ය පුරුදු නිසි ලෙස පිළිපදින්නේ නම් ධනාත්මකව රෝගීන් සංඛ්‍යාව අඩු වන අතර රට නැවත විවෘත කළ හැකි බව ඔහු සඳහන් කර සිටියේ.
ඔක්තෝබර් මැද භාගයේදී එන්නත් ලබාදීම අවසන් වුවහොත් ඔක්තෝබර් අවසානය වන විට රට යථා තත්ත්වයට පත් වනු ඇතැයි ද මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.
ශ්‍රී ලංකාවේ බූස්ටර මාත්‍රාවක් ලබා දීම පිළිබඳව අවසන් තීරණය ගෙන නොමැති බවයි මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඩෙල්ටා වයිරස් ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |