මාස 03කට පසු ශ්‍රී ලංකාවෙන් ලැබුණ සුබ ආරංචිය මෙන්න..

Corona Sri Lanka Covid patient Nimal siripala silwa
By Aruna Sep 28, 2021 02:48 AM GMT
Aruna

Aruna

Report

දින 83කට පසු ආසාදිතයින් ගණන 1000ට අඩු වෙයි.

ඒ, ඊයේ ආසාදිතයින් 983ක් හඳුනා ගැනීමත් සමඟයි.

ආසාදිතයින් දහසට අඩුවෙන් මීට පෙර අවසන් වරට වාර්තා වී තිබුණේ, පසුගිය ජුලි මස 6 වැනි දා යි.

ඒ, ආසාදිතයින් 869ක් ලෙසයි.

මේ අතර ඊයේ වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් 983 දෙනා සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 514,592ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව 46,517ක් ලෙස දැක්වෙන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 455,344ක්.

එමෙන්ම පෙරේ දා සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ තවත් කොරෝනා මරණ 51ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,731ක් දක්වා ඉහළ ගියා.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් ලබන පළමු වැනි දා සිට සේවයට කැදවීම සම්බන්ධයෙන් ඊයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මෙන්ම එම අමාත්‍යාංශ ලේකම්වරු හා පොලිස්පතිවරයාගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවති බවයි වාර්තා වෙන්නේ.

ලබන පළමු වැනි දා සිට රාජ්‍ය සේවකයින් පෙරවරු 9ටත්, පෞද්ගලික අංශයේ සේවකයින් පෙරවරු 10ටත් සේවයට කැඳවීමට යි මෙහි දී යෝජනා වී ඇත්තේ.

කෙසේ වෙතත් ඊට අදාළ තීරණ කඩිනමින් දැනුම් දීමට පියවර ගන්නා බවයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now