ශ්‍රී ලංකාවෙන් රටවල් කිහිපයකට රතු නිවේදන..කරන්න යන දේ මෙන්න..

By Sewvandhi Nov 27, 2021 03:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රටවල් කිහිපයක සිට පැමිණෙන පුද්ගලයන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම අද දින සිට තහනම් කර තිබේ. එසේ තහනම් කර ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන නව විකෘති කොරෝනා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් වාර්තා වී ඇති රටවල සිට පැමිණෙන අයටයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට එම මගීන්ට මෙරටට පැමිණීම තහනම් කර ඇත සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, ඇංගෝලාව, මොසැම්බික්, ලෙසතෝ. බොට්ස්වානා, නැම්බියා යන රටවල සිට පැමිණෙන්නට මෙම තහනම ක‍්‍රීයාත්මකය.

මේ වනවිට දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති කොරෝනා විකෘති ප්‍රභේදය "අවදානම් සහගත" බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම ප්‍රභේදය ට ඔමික්‍රෝන් යන නම ඔවුන් විසින් තබා තිබේ. ඉහළ විකෘතිතා සහිත දරුණුතම කොවිඩ් ප්‍රභේදයක් ලෙස හඳුනාගත් මෙම කොවිඩ් ප්‍රභේදය පසුගිය 24 වනදා ප්‍රථම වරට දකුණු අප්‍රිකාවෙන් වාර්තා විය.

මේ වන විට බෙල්ජියම, හොංකොං, බොට්ස්වානා යන රටවලින් ද මෙම වෛරසය ආසාදනය වූවන් සොයාගෙන ඇති බව වාර්තා වේ. B.1.1.529 යනුවෙන් ද හැඳින්වෙන මෙම ප්‍රභේදය අවධානයෙන් සිටිය යුතු ප්‍රභේදයක් ලෙසද එම සංවිධානය වර්ගීකරණය කළේය.

ඔවුන් පෙන්වා දෙන්නේ එය විකෘතිතා රැසකින් සමන්විත අතර නැවත නැවතත් වැළඳීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවය. මේ නව කොවිඩ් ප්‍රභේදය මෙතෙක් සොයාගෙන ඇති වඩාත්ම විකෘති වූ ප්‍රභේදය ලෙස නම් කර ඇත. මෙහි පැතිරීම ආරම්භ වී තවමත් වැඩි කලක් ගෙවී නැති අතර, බොට්ස්වානා, බෙල්ජියම, ඊශ්‍රායලය සහ හොංකොංවලින්ද ආසාදිතයන් වාර්තා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ නව ප්‍රභේදයේ බලපෑම තේරුම් ගැනීමට සති කිහිපයක් ගතවනු ඇති බවය.

කෙසේ වෙතත් මෙම ප්‍රභේදයේ දැක්වෙන විකෘතිතා නිසා එය එන්නත්වලට ප්‍රතිරෝධය දැක්වීමේ ලක්ෂණ පෙන්නුම් කළ හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇත.

මේ අතර ලබන සඳුදා සිට බල පැවැත්වෙන පරිදි අප්‍රිකා මහද්වීපයේ රටවල් 08 ක සිට පැමිණෙන ගුවන් යානා අත්හිටුවීමට අමෙරිකාව තීරණය කර තිබේ. දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, නැමීබියාව, ලෙසෝතෝ, එස්වාටිනි, මොසැම්බික් සහ මලාවි යන රටවල් සඳහා මෙම නියෝගය බලාත්මකයි.

ජනාධිපති ජෝ බයිඩ්න් නිකුත් කළ නිවේදනයට අනුව අනිද්දායින් පසු මෙම රටවල සිට අමෙරිකාවට පැමිණීමට හැකි වනුයේ අමෙරිකානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට පමණය.

මේ අතර යුරෝපා සහ ආසියානු රටවල් රැසක් මේ වනවිට අප්‍රිකානු රටවල් ගණනාවක සිට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවා ඇත්තේ මෙම වෛරස් ප්‍රභේදය තම රටවල් වෙත ඇතුලුවීම වළක්වා ගැනීම වෙනුවෙනි. සිංගප්පූරුව, ජපානය, ඉන්දියාව වැනි රටවල්ද තෝරා ගත් අප්‍රිකානු රටවල් ගණනාවක සිට සංචාරකයන් පැමිණීම අත්හිටුවා තිබේ.

එමෙන්ම යුරෝපා සංගමය විසින් සාමාජික රටවලට දන්වා ඇත්තේ දැනට ආසාදිතයන් හමුවී ඇති රටවල් වෙත සහ එම රටවල සිට සිදුකෙරෙන සංචරණ වහා අත්හිටුවන ලෙසය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW