වෙනස්කම් කිහිපයක් සමඟ ශ්‍රී ලංකා - බංග්ලාදේශ අවසන් සටන අද. - ආරම්භ වන වේලාව මෙන්න.
Cricket
Sri Lanka Cricket
Bangladesh Cricket Team
By Wayomi
ශ්‍රී ලංකා - බංග්ලාදේශ තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (18) පෙරවරු 9.30ට චිතගොංහී දී ආරම්භ වීමට නියමිතයි.
මේ වන විට තරග 1ට 1ක් ලෙස කණ්ඩායම් දෙකම ජයගෙන සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට අද තරගය අහිමි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.
ඒ දෙවන එක්දින තරගය අතරතුර දී ඔහු පාදයේ ඇති වු ආබාධයක් හේතුවෙන්.
එමෙන්ම පාදයක සිදුව ඇති ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටන්සිම් හසාන්ට ද අද තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලිටන් දාස් ද අද සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට ජාකර් අලී කැඳවා තිබෙනවා.
