ත්‍රිවිධ හමුදාවට ලබාදෙන විශේෂ දීමනාවක් ගැන ගගනින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..මේ ගැන ජනපතිගේ විශේෂ අවධානය යොමු වෙයි ද ?..
2015.07.13 වන දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/ 2015(l) හී පළමු ඡේදයේ පරිදි සුදුසුකම් ලබන රාජ්‍ය සේවයේ විධායක නිලධරයන්ට සේවා කාලය පදනම් කරගෙන විශේෂ දීමනාවක් ගෙවනු ලැබූවද මෙය ත්‍රිවිධ හමුදාවේ විධායක ශ්‍රේණියට අයත් නිලධාරීන්ගෙන් කොටසකට පමණක් ගෙවීම හේතුවෙන් ත්‍රිවිධ හමුදාවේ පිරිසකට දැඩි අසාධාරණයක් සිදුවන බවට තොරතුරු අනාවරණය වනවා.
කාලාන්තරයක් තිස්සේ මෙම අසාධාරණයට මුහුණ දෙමින් සිටින්නේ ත්‍රිවිධ හමුදාවේ සේවයේ නිරත අනෙකුත් මාණ්ඩලික නිලධාරීන් බවයි ගගන ප්රවෘත්ති අංශය වෙත තොරතුරු වාර්තා වුණේ.
එහි ජේෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේ මේ සම්බන්ධව අවස්ථා ගණනාවකදීම එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අමාත්‍යාංශ ලේකම්වරු , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු දැනුවත් කරනු ලැබූ බවයි.
කෙසේවෙතත් ඉන්පසු එවකට මෙන්ම වර්තමානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් මෙම විශේෂ දීමනාව ත්‍රිවිධ හමුදාවේ අනෙකුත් මාණ්ඩලික නිලධාරීන්ට ද ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මගින් අදාල රාජ්‍ය නිලධාරීන් හට දැනුවත් කරනු ලැබුවත්, වර්තමානය තෙක් එම දීමනාව ත්‍රිවිධ හමුදාවේ අනෙකුත් මාණ්ඩලික නිලධාරීන්ට ලබා නොදීම කනගාටුවට කරුණකි.
එවකට පැවතුණු කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ රටේ පැවතුණු ආර්ථිකමය අවපාතය හේතුකොටගෙන වසර කීපයක් මේ ප්රශ්නය අමතක කර දමා සිටුනු ලැබුවේ, එවකට රටේ පැවති ආර්ථිකමය ස්වභාවය මනා අවබෝධ කරගෙන මිස අනෙකුත් රාජ්‍ය නිලධාරීන් මෙන් තම පෞද්ගලික අරමුණු ගැන පමණක් සිතන පිරිසක් ලෙස නොවන බවයි එම ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.
සමහර වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් ත්‍රිවිධ හමුදාවේ විධායක නිලධාරී සියලු දෙනාට මෙම දීමනාව සහ තීරු බදු රහිත මෝටර් වාහන බලපත්‍රය ලබාදීමට දැඩි විරුද්ධත්වයක් දක්වන බවත්, ඊට හේතු ලෙස ඔවුන් දක්වන්නේ ත්‍රිවිධ හමුදාවේ අධිකාරිලත් නිලධාරීන්ට විවිධ දීමනා ලැබෙන බවත් ඔවුන්ට එසේ දීමනා නොලැබෙන නිසා එවැනි වරප්‍රසාද ත්‍රිවිධ හමුදාවේ මාණ්ඩලික නිලධාරීන්ට ලබාදීම නොදිය යුතු බවයි.
තම යෞවන කාලයේ හොඳම කාලය නිවසින් දුරස්ව එනම් දෙමව්පිය, බිරිඳ සහ දරුවන්ගෙන් වෙන් වී ගත කරන මේ දුෂ්කර රාජකාරී කාලය මෙම නිලධාරීන්ට නොදැනෙන්නේ මන්දැයි ඔවුන් ප්‍රශ්න කරයි.
අප රාජකාරියේ දුෂ්කරභාවය සහ මාණ්ඩලික නිලධාරියකු ලෙස අධිකාරියට පත්වීමට කොපමණ වෙහෙසකර පුහුණුවීමක් සමග උපාධි පාඨමාලාවක් අවසන් කිරීමට සිදු කරන කැපකිරීම මෙම රාජ්‍ය නිලධාරීන්ට නොවැටහෙන්නේ ඇයි දැයි ඔවුන් ප්‍රශ්න කරයි.
ඔවුන් අප සේවාව ඔවුන්ගේ සේවාව සමග සංසන්දනය කිරීමට උත්සාහ කරනු ලබන බවත්, එය කිසිසේත් සිදු කර නොහැකි ක්‍රියාවක් බවත්, අප පැය 24 පුරාම රාජකාරියේ යෙදී සිටින්න බවයි අදාල නිලධාරියා අප සමග කියා සිටියේ.
එසේ වරප්‍රසාද ලත් එම පිරිස සේවය කරන්නේ පැය 08ක් බවත්, අප මාස ගණන් නිවසින් දුරස්ව සිටින බවයා එම නිලධාරියා කියා සිටියේ ය. ඔවුන් සෑම දිනකම හවස නිවසට යයි.
සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනයන්හි නිවාඩු ලබා තම පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගනී. අප උද්ඝෝෂණ සිදු කරන්නේ නැත. ඔවුන් තම අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණ සිදු කරයි.
මෙවැනි වෙනස්කම් විශාල වශයෙන් නිදසුන් ලෙස ගෙනහැර දැක්විය හැකි බවද ජේෂ්ඨ නිළධාරියා වැඩිදුරටත් කියා සිටියේ ය.
කෙසේවෙතත්, 2024.06.27 වන දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2015(v) මගින්ද මෙම විශේෂ දීමනාව තවදුරටත් රුපියල් 25000ක් දක්වා වැඩි කරමින් රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට ලබා දෙන ලෙස දැනුවත් කර ඇත.
ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ විධායක නිලධාරීන් ලෙස ආරම්භ වන යුද හමුදාවේ දෙවනලුතිනන්, නාවික හමුදාවේ උප ලුතිනන් සහ ගුවන් හමුදාවේ නියමු නිලධාරී යන නිලධාරීන් ගෙනි.
නමුත් වර්තමානයේ මෙම දීමනාව ලබා දෙනු ලබන්නේ යුද හමුදාවේ ලුතිනන් කර්නල්, නාවික හමුදාවේ කොමාණ්ඩර් සහා ගුවන් හමුදාවේ ව්න්ග් කොමාන්ඩර් දරණ නිලධාරීන්ගෙන් සිට ඉහළ නිලතලයන්ට වේ.
ත්‍රිවිධ හමුදාවේ මෙම නිලතලයන්ට පත්වීම සඳහා වසර 23 ක් පමණ සක්‍රීය සේවයේ රැඳී සිටිය යුතු අතර බහුතරයක් විධායක නිලධාරීන් මෙම කිසිම වරප්‍රසාදයක් නොලබා විශ්‍රාම ගැන්වීම ඉතා කණගාටුවට සහ කලකිරීමට පත්වී සිටින බවයි ගගන වෙත වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.
අප අනෙකුත් රාජ්‍ය සේවකයන් මෙන් උද්ඝෝෂණ සිදුකර ඉල්ලීම් ලබාගන්නේ නැත.
අප සියලු දෙනා මාතෘ භූමිය හදිසි කරදර අවස්ථාවක මෙන්ම ජාතික මට්ටමේ තීරණ ගන්නා විට විශාල කැප කිරීමක් සමග දායකත්වයක් පවතින රජය වෙත ලබාදීම සිදුකරනු ලබන බවයි එම නිලධාරියා කියා සිටියේ.
තවද, ත්‍රිවිධ හමුදාවේ සියලු විධායක නිලධාරීන්ට මෙම වරප්‍රසාද ලබාදීමට රජයට මුදල් නොමැති නම් ඉහත චක්‍රලේඛනය මගින් මෙම විශේෂ දීමනාව රුපියල් 25000 දක්වා වැඩි කරනු ලබන්නේ කුමක් නිසාද? රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ තුන්වෙනි පංතියේ නිලධාරීන්ගේ සිට සියලූම දෙනාට මෙම වරප්‍රසාද ලබාදීම සිදුකරනු ලැබුවත් ත්‍රිවිධ හමුදාවේ විධායක නිලධාරීන්ගේ කොටසකට පමණක් ලබාදීම කොතරම් අසාධාරණද යන්න උගත් මනසින් බලන ඕනෑම මනුස්සයෙකුට අවබෝධ වනු ඇති බවයි එම ජේෂ්ඨ නිලධාරියා ගගන ප්රවෘත්ති අංශය වෙත කියා සිටියේ.
එම ජේෂ්ඨ නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ මෙවන් අදහසක්...
එම නිසා මෙලෙස ත්‍රිවිධ හමුදාවට අඩු සැලකිල්ලක් දක්වා විධායක නිලධාරීන්ගෙන් කොටසකට පමණක් මෙන් විශේෂ දීමනාව ලබාදීම හේතුවෙන් වර්තමානයේ පවතින ආර්ථිකමය තත්ත්වය සහ අතීතයේ සිට යම් සමාජ මට්ටමක සිටිනු ලැබූ මෙම නිලධාරීන්ට මෙලෙස කටයුතු කිරීම හේතුවෙන් අනෙකුත් සේවාවන් වලට සාපේක්ෂව වර්තමානයේ ඉතාම ආර්ථික දුෂ්කර හා පහළ සමාජමය තත්ත්වයකට මෙම නිලධාරීන් පත්වී සිටින්නෙමු.
මේ හේතුවෙන් වර්තමානයේදී කැඩෙට් නිලධාරියෙකු වශයෙන් ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ වීම ඉතාම අඩු මට්ටමක පවතින අතර සේවයේ සිටින බොහෝ නිලධාරීන් සේවය අතහැර යන තත්ත්වයට පත්වී සිටීම කණගාටුවට කරුණකි.
එසේම සැලකිය යුතු සේවයක් සහිත බහුතරයක් ත්‍රිවිධ හමුදාවේ මෙම මාණ්ඩලික නිලධාරීන් අවුරුදු 20 සම්පූර්ණ වූ පසු අවුරුදු 55 සම්පූර්ණ වන තෙක් නොසිට සේවයෙන් විශ්‍රාම යනු ලබයි. මෙහි බරපතලකම අනාගතයේදී දැඩි අහිතකර ලෙස බලපානු ඇත.
මේ හේතුවෙන් වර්තමානයේ සේවයේ සිටිනු ලබන නිලධාරීන්, නිලධාරීන්ගේ හිගය හේතුකොටගෙන නිලධාරීන් කිහිපදෙනෙකුගේ රාජකාරීන් තනි නිලධාරියෙකුට පැවරීම හේතුකොටගෙන පැවරෙන රාජකාරී බහුල වි මානසික වශයෙන් ඇතිවන පීඩාව හේතු කරගෙන පෞද්ගලික ජීවිතයේ මෙන්ම රාජකාරී ජීවිතයේද ප්‍රශ්න වැඩි වී සියදිවි හානි කර ගැනීම වැනි දැඩි තීරණ වලට පසුගිය කාලයේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පෙළඹී මියයෑම නිදසුන් ලෙස දැක්විය හැක.
මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට පෙර මෙම ස්වභාවය අප විසින් අවස්ථා කිහිපයකදීම හිටපු ජනාධිපතිවරුට ලිඛිතව දැනුම් දුන්න ද සමහර රාජ්‍ය නිලධාරීන්ගේ කීම අසා එම ප්‍රශ්න නොසලකා හැරීම සිදු කරන ලදී.
එම නිසා අනෙකුත් රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන් සියලු දෙනාට ලබා දෙන පරිදි ත්‍රිවිධ හමුදාවේ විධායක නිලධාරීන් ලෙස සැලකෙන සියලු අධිකාරිලත් නිලධාරීන්ට මේ වරප්‍රසාද ලබාදීම තුළින් ඉහත නිලධාරීන්ගේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබී ඉතා යහපත් මානසික මට්ටමින් රාජකාරී සිදු කිරීමට මෙන්ම සේවය තුළ රඳවා තබා ගැනීමට හැකියාව ලැබේ.
එසේ නොවුනහොත් තම තාරුණ්‍යය සහ පෞද්ගලික ජීවිතය කැප කරමින් මාතෘ භූමියේ ආරක්ෂා වෙනුවෙන් කැපවී සිටින අප සියලු විධායක මට්ටමේ අධිකාර ලත් නිලධාරීන් කලකිරීම හේතුකොට ගෙන ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස කටයුතු කිරීම අනාගතයේදී සිදුවුනු නොඅනුමානය.
නිදසුන් ලෙස පවතින රජයට විවිධ උද්ඝෝෂණ ආදී සියල්ල වැළැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් යොදවනු ලැබුවත් එය වුවමනාවෙන් සිදුකරයිද යන්න ගැටළුවකි.
මෙය රජයේ පැවැත්මට මෙන්ම ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වේ. මෙය සරල උදාහරණයක් පමණි. මීට වඩා විශාල සහ බලවත් සිදුවීම් ජාතික ආරක්ෂාව සම්බන්ධව ඇත.
අදාල ජේෂඨ නිලධාරියා ගගන ප්රවෘත්ති අංශය වෙත වැඩිදුරටත් කියා සිටියේ, ඉහත කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කොට ආත්මාකාමී සමහර රාජ්‍ය නිලධාරීන්ගේ කීම අසා කටයුතු කරනු ලැබූ අනෙකුත් ජනාධිපතිවරු සහ අමාත්‍යවරු මෙන් නොව වත්මන් ජනපතිවරයා තම ඉල්ලීම වෙනුවෙන් සොයා බලා, සාධාරණව කටයුතු කරනු ඇති බවයි.
ජනාධිපතිවරයා අපගේ ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා වන බැවින් මෙම ප්රශ්නය තවදුරටත් ඉදිරියට රැගෙන නොගොස් ඉහත විශේෂ දීමනාව ත්‍රිවිධ හමුදාවේ සියලු විධායක මට්ටමේ නිලධාරීන් වන අධිකාරිලත් සියලු දෙනාට ලබා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිනු ලබන බවයි.
ත්‍රිවිධ හමුදාවේ ඉහත හෙළි කළ ප්රශ්නය ගැන මෙරට වගකිව යුතු රජයේ අංශ සොයා බලා ඊට සාධාරණ විසදුමක් ලබා දෙනු ඇති බව ගගන ප්රවෘත්ති අංශයේ අප නිරන්තර අවධානයෙන් යුතුව බලා සිටින්නෙමු.
You May Like This Video