කොළඹ සෙනඟ වැඩිවෙයි - මේ රෝගීන් ව්‍යාප්තිය ඉහළට - සෞඛ්‍යය ඇමතිගෙන් අනාවරණයක්

Report

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (23) දින පාර්ලිමේන්තුවේදී කොළඹ නගරයේ පවතින අධික ජන ඝනත්වය වසර ගණනාවක් පුරා ක්ෂය රෝගය (Tuberculosis) ව්‍යාප්ත වීමට ප්‍රධාන ලෙස බලපා ඇති බව ප්‍රකාශ කළා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කොළඹ නගරයෙන් 2019 වසරේදී ක්ෂය රෝගීන් 871 දෙනෙකු වාර්තා වී තිබෙන බවත්, එය 2020 දී 736 දක්වා පහත බැස තිබෙන බවත් ය.

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

එහෙත් 2021 වසරේදී එම සංඛ්‍යාව 796 දක්වා යළි ඉහළ ගොස් ඇති අතර පසුව වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 2022 වසරේදී 1,093 දක්වාත්, 2023 වසරේදී 1,130 දක්වාත් ඉහළ ගිය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, 2024 වසරේදී එය 1,064 දක්වාත් 2025 වසරේදී 968 දක්වාත් පහත වැටී ඇති බව ද සඳහන් කළා.

එමෙන්ම රෝගය ආසාදනය වූ ඇතැම් පුද්ගලයින් නිසි ලෙස වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවීම රෝගය තවදුරටත් ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

කෙසේ වුවද ඉකුත් 2025 වසරේදී කොළඹ නගරයෙන් වාර්තා වූ ක්ෂය රෝගීන් සංඛ්‍යාවේ යම් අඩුවීමක් පෙන්නුම් කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

ආන්දෝලනාත්මක 'යක්ෂ රාජ වජිරපාණි' ගීතය ලිව්වේ මමයි.. තවත් ප්‍රබල කොටස් පහක් එන්න තියෙනවා.. රටම හොයපු රචක හිමි කට අරී

ආන්දෝලනාත්මක 'යක්ෂ රාජ වජිරපාණි' ගීතය ලිව්වේ මමයි.. තවත් ප්‍රබල කොටස් පහක් එන්න තියෙනවා.. රටම හොයපු රචක හිමි කට අරී

ලෝකයම ගිනි අවුලමින් ඉන්ධන මිල ගණන් සංශෝධනය - නව අගයන් මෙන්න

ලෝකයම ගිනි අවුලමින් ඉන්ධන මිල ගණන් සංශෝධනය - නව අගයන් මෙන්න