කටුනායකට රුපියල් මිලියන 800ක නව දේශීය ගුවන් පර්යන්තයක්- පළමු පර්යන්තය පුළුල් කිරීමට තවත් බිලියන 15ක් - 2027 අයවැයෙන් ගුවන් තොටුපළ ක්ෂේත්‍රයට දැවැන්ත ආයෝජන

Report

ජාත්‍යන්තර ගුවන් මගීන්ට මෙරට දේශීය ගමනාන්ත වෙත පහසුවෙන් ගමන් කිරීම සඳහා රුපියල් මිලියන 800ක වියදමින් නව දේශීය ගුවන් පර්යන්තයක් ඉදිකිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, ලබන වසරේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ මෙම පර්යන්තය ඉදිකිරීමට නියමිතයි. 2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා. ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම (AASL) විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර, කටුනායක ගුවන් තොටුපළේ මගීන් හැසිරවීමේ ධාරිතාව ඉහළ නැංවීමටද රජය පියවර ගෙන තිබෙනවා. දැනට වාර්ෂිකව මගීන් මිලියන 6ක් හැසිරවීමට සැලසුම් කර ඇති පළමු පර්යන්තයෙන් ඊට වඩා වැඩි පිරිසකට සේවා සැපයෙන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

2032 වසර වන විට වාර්ෂික මගී සංඛ්‍යාව මිලියන 16ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා.

ඒ අනුව, රුපියල් බිලියන 15ක ආයෝජනයකින් පළමු පර්යන්තයේ ධාරිතාව මගීන් මිලියන 6 සිට මිලියන 9 දක්වා වැඩි කිරීමට කටයුතු ආරම්භ කර තිබෙනවා. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහාය ඇතිව දෙවන පර්යන්තයේ ඉදිකිරීම්ද නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතයි. එමෙන්ම, ගුවන් තොටුපළේ වාහන තදබදය අඩු කිරීම සඳහා නව රථ ගාලක් ඉදිකිරීමට රුපියල් මිලියන 400ක් වෙන් කර තිබෙනවා

. ගුවන් තොටුපළ ඉදිරිපස මාර්ගය පුළුල් කිරීම සහ ගුවන් පාලමක් ඉදිකිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනය සඳහා තවත් රුපියල් මිලියන 200ක් වෙන් කිරීමටද සැලසුම් කර තිබෙනවා. තවද, කටුනායක ගුවන් තොටුපළ කලාපීය ගුවන් භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහාය ඇතිව නැවත අපනයන මධ්‍යස්ථානයක් පිහිටුවීමටද රජය බලාපොරොත්තු වනවා.

2027 අයවැය යෝජනා ඉදිරිපත් කිරීම ඇරඹෙයි - ජනතාවට ලැබෙන සහන සහ නව රැකියා අවස්ථා ගැන රටම බලා සිටියි

2027 අයවැය යෝජනා ඉදිරිපත් කිරීම ඇරඹෙයි - ජනතාවට ලැබෙන සහන සහ නව රැකියා අවස්ථා ගැන රටම බලා සිටියි


මේ අතර, රත්මලාන ගුවන් තොටුපළ ද දේශීය ගුවන් ගමන්, ගුවන් නියමු පුහුණුව සහ ව්‍යාපාරික ගුවන් සේවා සඳහා සංවර්ධනය කිරීමට නියමිතයි. ඒ සඳහා 2027 වසරේදී රුපියල් බිලියන 6ක් වැය කර එහි ධාවන පථය ප්‍රතිසංස්කරණය කර පුළුල් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව, ගුවන් තොටුපළ මෙහෙයුම්, දත්ත මධ්‍යස්ථාන, ආහාර සැපයුම් සේවා සහ ගුවන් යානා නඩත්තු කටයුතු සඳහා පෞද්ගලික ආයෝජකයන් සම්බන්ධ කර ගැනීමටද රජය කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා මූලික අභිලාෂ ප්‍රකාශන කැඳවීම අවසන් කර ඇති අතර, ඉදිරි වසර තුළ සුදුසු ආයෝජකයන් තෝරා ගැනීමට නියමිතයි.

මේ ණය ගත්ත අයට රජයෙන් දෙන්න යන සහනය ජනපති රටටම කියයි

මේ ණය ගත්ත අයට රජයෙන් දෙන්න යන සහනය ජනපති රටටම කියයි