ලාෆ් සිලින්ඩර වල මුදල් ආපසු දෙන්න - පාරිභෝගිකයාට ගෑස් දෙන්න බැරිනම් තැන්පතු මුදල් දෙන්න - ලාෆ් ගෑස් සමාගම හිර කරයි

Report

ලාෆ් ගෑස් සමාගමෙන් සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ගෑස් පාරිභෝගිකයන්ට දෙන විසඳුම කුමක්දැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න ප්‍රශ්න කර ඇත.

අතිරේක මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ පෙනී සිටි ලාෆ් ගෑස් සමාගමේ සහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගෙන් මෙසේ ප්‍රශ්ණ කළේ පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව ගෑස් සැපයුම ලබානොදීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුව කැඳවූ අවස්ථාවේදීය.

කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න

කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න

පසුව අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති අංක 86 දරන විධානය උල්ලංඝනය කරමින් පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයුම ලබා නොදීමේ චෝදනාව මත පවරා තිබූ නඩුවට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටි ලාෆ් ගෑස් සමාගමේ නියෝජිතවරයා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි.

ලාෆ් ගෑස් සමාගමේ නියෝජිත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවැසීය. 

මේ සිසුන්ගේ මාසික දීමනාව ඉහළට - මාසික දීමනාව රු.20000 දක්වා ඉහළ නංවන බව ජනපති කියයි

මේ සිසුන්ගේ මාසික දීමනාව ඉහළට - මාසික දීමනාව රු.20000 දක්වා ඉහළ නංවන බව ජනපති කියයි

‘ස්වාමිනී, ලාෆ් ගෑස් සමාගමට නඩුවක් දාලා කියා පත්තරෙන් තමයි අපි දැන ගත්තේ. අධිකරණය හමුවේ අද අපි පෙනී සිටියට තාම අපිට සිතාසියක්වත් ලැබිලා නැහැ. ලාෆ් සමාගම 1994 වසරේ ඉඳන් ගෑස් ව්‍යාපාර කටයුතු කරනවා. අපිත් කරන්නේ ව්‍යාපාරයක්. ගෑස් තියෙනවා නම් අපි ගෑස් දෙනවා. ගෑස් නැත්නම් මොකද කරන්නේ? ස්වාමිනී, ගෑස් කියන දෙය පෙට්ටියක දාලා අරගෙන යන්න බැහැ. ගෑස් සැපයුම ලබාදෙන නිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව කටයුතු කරමින් තමයි ගෑස් ලබාදිය හැක්කේ. ලංකාවේ කොවිඩ් වසංගතය ඉවර වෙනකොට ගෑස් සිලින්ඩර පුපුරන්න පටන් ගත්තා. ඉන් අනතුරුව ගෑස් සකස් කළ යුතු සංයුතිය වෙනස් කර තිබෙනවා. ලාෆ් සමාගමටත් අවශ්‍ය පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීමටයි.

ලංකාවේ විදුලි වාහන භාවිතා කරන්නට සුභ ආරංචියක් - ඉන්ධන වාහනත් විදුලි වාහන කිරීමට පුහුණුව

ලංකාවේ විදුලි වාහන භාවිතා කරන්නට සුභ ආරංචියක් - ඉන්ධන වාහනත් විදුලි වාහන කිරීමට පුහුණුව

අතිරේක මහෙස්ත්‍රාත්වරිය, වෙළෙඳපොළේ ලාෆ් ගෑස් නැහැනේ. දැන් ගෑස් ඇවිල්ලාද?

ජනාධිපති නීතිඥවරයා තාම නෑ.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් , ගෑස් සැපයුම අඛණ්ඩව ලබාදීමට ලාෆ් සමාගම බැඳී සිටිනවා. ඔවුන්ට ගෑස් ලබාදිය නොහැකි නම් එම ගෑස් සිලින්ඩර සඳහා පාරිභෝගිකයන් විසින් තබන ලද තැන්පතු මුදල් නැවත පාරිභෝගිකයන් වෙත ලබාදිය යුතුයි.

ගෑස් ලබාදෙන්න බැරිනම් එම තැන්පතු මුදල් ලබාදෙන්න කියලා ලාෆ් ගෑස් සමාගමට දැනුම් දී තිබෙනවා. ගෑස් සැපයුම නිසි පරිදි ලබානොදීම හේතුවෙන් ලාෆ් සමාගමට එරෙහිව නඩුව ගොනු කර තිබෙනවා.

අතිරේක මහෙස්ත්‍රාත්වරිය , නඩුව දිගටම යයි. ගෑස් නැතිවෙයි. එම නිසා මෙම ගැටලුව සාකච්ඡා කර විසඳාගත යුතු දෙයක්.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය අදාළ නඩුව ලබන මස 15 වැනිදා කැඳවන ලෙස නියම කළාය.

ලාෆ් සිලින්ඩර වල මුදල් ආපසු දෙන්න - පාරිභෝගිකයාට ගෑස් දෙන්න බැරිනම් තැන්පතු මුදල් දෙන්න - ලාෆ් ගෑස් සමාගම හිර කරයි | Court Questions Laugfs Over Gas Shortage