ඉරානයෙන් යුරෝපයට ප්‍රහාර? බ්‍රිතාන්‍යය, ඉතාලිය, ග්‍රීසිය, සයිප්‍රසය, රුමේනියාව, ඇල්බේනියාව ආදී යුරෝපා රටවල් සඳහා රතුඑලි

Report

බීරූට් නුවර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එක්සත් ජනපදය විසින් ඉරානය ඉලක්ක කරගනිමින් යළිත් කිසියම් හෝ හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගතහොත්, යුරෝපයේ මෙන්ම ඈත දූපත්වල ස්ථාපිත කර ඇති ඇමෙරිකානු හමුදා කඳවුරු වෙත ද ඍජු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් මොහ්සෙන් රෙසායි අනතුරු ඇඟවීමක් කර ඇති බවයි.

ඇමෙරිකානු හමුදාවන්ට කඳවුරු සහ පහසුකම් සපයන රටවල් ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා කිසිසේත්ම සහාය නොදිය යුතු බව ලෙබනනයේ ක්‍රියාත්මක අල්-මයදීන් නාලිකාව සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරාන ආරක්ෂක ප්‍රධානියා පවසා ඇත.

නෙදර්ලන්තයට යන්න මඟ බලන් හිටියද? තානාපති කාර්යාලයෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක්

නෙදර්ලන්තයට යන්න මඟ බලන් හිටියද? තානාපති කාර්යාලයෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක්

ඔහු පැවසුවේ, "ඇමෙරිකානුවන් යළිත් වැරැද්දක් කරමින් අපට පහර දුන්නොත්, අපි මැදපෙරදිග ආසන්න කඳවුරුවලට පමණක් පහරදී සීමා වන්නේ නැහැ. යුරෝපයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට පවා ප්‍රහාර එල්ල කිරීමට අපි පසුබට වෙන්නේ නැහැ. ඉරානයට පහරදීම සඳහා ඇමෙරිකානු ගුවන් යානා කුමන හෝ කඳවුරකින් ගුවන්ගත වුවහොත්, එම සියලු ස්ථාන අප සලකන්නේ අපට එරෙහි තර්ජනයක් ලෙසයි."

ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් මොහ්සෙන් රෙසායි පැවසුවේ ඉරානයේ දිගුදුර බැලස්ටික් මිසයිල ළඟාවිය නොහැකි යැයි බටහිර රටවල් සිතා සිටින ඈත දූපත්වල මූලස්ථාන වෙත ද පහරදීමේ සූදානමක් පවතින බවත් පසුගිය යුද ගැටුම්වලදී සිය ප්‍රහාර ඊශ්‍රායලයට සහ කලාපීය ඇමෙරිකානු කඳවුරුවලට පමණක් සීමා කළ ද, භූගෝලීය සීමාවකින් තොරව ඕනෑම ස්ථානයකට පහරදීමට ඉරාන සන්නද්ධ හමුදාවන්ට උපදෙස් ලැබී ඇති බවත්ය.

පොල් , එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළට - ලාංකික ජනතාව ලොකු අමාරුවක වැටෙයි

පොල් , එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළට - ලාංකික ජනතාව ලොකු අමාරුවක වැටෙයි

ඒ අනුව බ්‍රිතාන්‍යය, ඉතාලිය, ග්‍රීසිය, සයිප්‍රසය, රුමේනියාව, ඇල්බේනියාව යන රටවල පිහිටි ඇමෙරිකානු සහ නේටෝ කඳවුරු මෙන්ම ඉන්දියන් සාගරයේ පිහිටි බ්‍රිතාන්‍ය-ඇමෙරිකානු ඒකාබද්ධ ‘ඩියාගෝ ගාර්සියා’ යුද කඳවුර ද ඉරානයේ නව ඉලක්ක අතර පවතින බව හෙළිව ඇත.

ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් මොහ්සෙන් රෙසායි විසින් කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ටෙහෙරානය සහ වොෂින්ටනය අතර රහසිගත සාකච්ඡා පැවැත්වෙන බවටත්, තමන් ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් හමුවීමට සැලසුම් කර ඇති බවටත් පළවන වාර්තා "පට්ටපල් බොරු" යැයි පවසා ඇත.

ලබන 15 වැනිදා සිට මුළු දිවයිනටම බලපාන පරිදි අනතුරු ඇඟවීමක් - අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වෙන්න

ලබන 15 වැනිදා සිට මුළු දිවයිනටම බලපාන පරිදි අනතුරු ඇඟවීමක් - අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වෙන්න

ආර්ථික පීඩනය ලිහිල් කර තෙල් මිල පහත දැමීමේ අරමුණින් බටහිර පාර්ශ්ව මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකරන බව ඔහු පවසා ඇත. ලෙබනනය ඇතුළු සියලු පෙරමුණුවල යුද්ධය නැවැත්වීම ඇතුළු කොන්දේසි 07ක් ඉටු වන තුරු හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවත්, ඉරානය සතු ඉහළ සාන්ද්‍රණයකින් යුත් පොහොසත් යුරේනියම්වලින් අංශු මාත්‍රයක් හෝ රටින් පිටතට ගෙන යාමට ඉඩ නොදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව, විද්‍යුත් යුද මෙහෙයුම් මඟින් පියාසර කරමින් තිබූ ඇමෙරිකානු ඩ්‍රෝන යානා 07ක් අනතුරකින් තොරව බිමට බෑමටත්, මීටර් 6,000ක් ගැඹුරට යා හැකි ඇමෙරිකානු දියයට යාත්‍රා 02ක් අත්පත් කර ගැනීමටත් ඉරාන හමුදාව සමත් වූ බවට ද ඔහු අනාවරණය කළේය.  

ඉරානයෙන් යුරෝපයට ප්‍රහාර? බ්‍රිතාන්‍යය, ඉතාලිය, ග්‍රීසිය, සයිප්‍රසය, රුමේනියාව, ඇල්බේනියාව ආදී යුරෝපා රටවල් සඳහා රතුඑලි | Iran Threatens Us Bases Across Europe