අද ශ්‍රී ලංකාවට අභියෝගාත්මක තරඟයක්..

Report

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ සුපිරි කණ්ඩායම් හය තරග වටයේ ශ්‍රී ලංකාව සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය අද (02) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30ට බුලවායෝ හිදි පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායම් හය අතර තරග වටයේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණේ රැදී සිටීමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 6ක් රැස්කර ගෙන සිටින අතර, සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 6ක් ද සමගිනි.