කොදෙව්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු තරඟය අද..කලකට පසු අලුත් වෙනසක්.

Sri Lanka Icc Western Indian Test cricket match
By Aruna Nov 21, 2021 01:41 AM GMT
Aruna

Aruna

Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වනවා.

පළමු තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමක් ටෙස්ට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණියේ වසර 6කට පසුවයි.

මෙතෙක් දෙරට අතර ටෙස්ට් තරග 22ක් පවත්වා ඇති අතර ඉන් තරග 9ක ජය ශ්‍රී ලංකාව සතු වෙද්දී තරග 4ක ජය කොදෙව්වන් සතු වුනා.

ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 9ක්.

මෙවර තරගාවලියේ තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයිග තරගාවලියට එක්වන දෙපිලේම ක්‍රීඩකයින් ඊයේ සිය අවසන් පුහුණු සැසියන්ට එක්වුණා.

අප ගාල්ල වාර්තාකරු පැවසුවේ පසුගිය දින දෙකේදීම ගාලු ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයට යහපත් කාලගුණයක් පැවති බවයි.

මේ අතර හෙට තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට කෙටි නිහඬ තාවකින් පසු ඇන්ජලෝ මැතිව්ස්ද කැදවා තිබෙනවා.

වේග පන්දු යවන්නන් ලෙස එක්වන්නේ සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීරයිග ලසිත් ඇඹුල්දෙනියල ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් දඟ පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha