කොරියන් සිහිනයට නව බලාපොරොත්තුවක්..මෙරට ජනපති කොරියානු ජනපති හමුවෙයි..(PHOTOS)

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka President of Sri lanka South Korea
By Aruna Sep 19, 2023 12:28 AM GMT
Aruna

Aruna

Report

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා හමුවී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති වික්‍රමසිංහ සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙල් අතර සුහද හමුවක් පැවති අතර එහිදී දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කළ බවයි.

මේ අතර, ශ්‍රී ලංකාවට පිරිනමන රැකියා කාණ්ඩ සංඛ්‍යාව ඉහළ නැංවීම මගින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා පුළුල් කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි දකුණු කොරියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

මෙම පියවර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරනු ඇත.

ශ්‍රී ලංකාවේ සහ දකුණු කොරියාවේ නායකයෝ දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අවධාරණය කළහ.

දෙරට අතර වෙළඳ ගිවිසුමකට එළැඹීමේ කඩිනම් අවශ්‍යතාවය පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා සමඟ නිව්යෝර්ක් නුවරදී සාකච්ඡා පැවැත්වීය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා මේ දිනවල ඇමෙරිකාවට ගොස් සිටියි.

ජනාධිපති වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 21 වැනි දින මහා මණ්ඩල සැසිය ඇමතීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊයේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුවට ද සහභාගී විය.

2023 SDG සමුළුව අද දක්වා නිව්යෝර්ක් නුවරදී රාජ්‍ය නායකයින්ගේ සහ රජයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha