ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ඉන්දියාවේදී දැනුම්දීමක්.. ලංකාවේ පදිංචියටත් එයි!!.(VIDEO)

Sri Lanka India Harin Fernando
By Aruna Feb 14, 2024 05:57 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාව ජීවත්වීම මුම්බාහි ජීවත්වීමට වඩා ලාභදායි බවත් තමන් නම් මුම්බායි දේපල විකුණා ශ්‍රී ලංකාවේ පදිංචි වන බවත් ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවත් සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටිනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඉන්දියාවේදී පැවති සමුළුවක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ හරීන් ප්‍රනාන්දු මහතා,

‘ඉන්දියානු සමාගම් දැන් අපේ ගුවන්තොටුපල භාර ගන්නවා.

ඔවුන් අපේ ගුවන්තොටුපළ තුනක් කළමනාකරණය කරනවා. මේ තීරණය අපිට උපකාර වන්නක. අපේ තෙල් ටැංකිත් ඉන්දීය සමාගම් බාරගෙන තිබෙනවා.

අපට සූර්ය බල ශක්තියත් ලබා දෙන්නේ ඉන්දියානු සමාගම්. මෙය මා හිතන විදිහට ඉන්දියානු විදේශ කටයුතු ඇමතිවරයා ලංකාවේ සංචාරය කරන්නයි පැවසීමට එක් හේතුවක් වන්නට ඇති.

මොකද ශ‍්‍රී ලංකාවත් ඉන්දියාවේ කොටසක්. ඇත්ත වශයෙන්ම ලංකාවේ අවස්ථා බොහොමයක් තිබෙනවා.

මම ඔබ වූවානම් මුම්බාහි දේපළ විකුණා ලංකාවේ පදිංචි වෙනවා. මෙහි ජීවත්වීම ඉතා ලාභදායකයි’