ඉන්දියාවෙන් අවසන් වරට ලංකාවට එන දේ මෙන්න..ඉදිරියේ අති භයානක තත්ත්වයක්..

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Sri Lanka India
By Aruna Jun 03, 2022 06:28 AM GMT
Aruna

Aruna

Report

ඉන්දීය ණය යෝජනා ක්‍රමය මගින් ඊළඟ ඩීසල් නැව මෙරටට ගෙන ආවාට පසු රටේ අවශ්‍යතාව පිරිමසා ගැනීම සඳහා තෙල් ආනයනයට වැඩපිළිවෙළක් තාමත් සකසා නොමැති නිසා ඉදිරි සති දෙකෙන් පසු යළි බරපතළ ඉන්ධන අර්බුදයක් මතු විය හැකි බවට තෙල් සංස්ථා උසස් නිලධාරීහු අනතුරු අඟවති.

ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ ඉන්ධන ලබා ගැනීමට යම් යම් සැලසුම් ක්‍රියාත්මක කළද සැපයුම්කාර සමාගම් ඒවාට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ඔවුහු කියති.

මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඔටෝ ඩීසල් මට්‍රික් ටොන් 18,825ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 42ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33,498ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,067ක් සහ ජෙට් A1(ගුවන්යානා තෙල්) මෙටි්‍රක් ටොන් 386ක් තිබෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණත් එම ප්‍රමාණය සෑහෙන්නේ සති දෙකකට පමණ යැයි ද එම නිලධාරීහු සඳහන් කළහ.

මේ වනවිට මෙරටට ගෙනා බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් යොදා වැසී තිබු සපුගස්කන්ද තෙල් පිරිපහදුව සක්‍රිය කළත් එමගින් ඉන්ධන නිපදවීමට දින දෙක තුනක් ගතවන බව පිරිපහදුවේ උසස් නිලධාරීහු කියා සිටිති.

මෙම පිරිපහදුව සඳහා මෙතෙක් කලක් භාවිත කළ බොරතෙල් වර්ගය වෙනුවට රුසියාවෙන් ආනයනය කළ බොරතෙල්වලින් පෙට්‍රල් හා ඩීසල් නිපදවාගත හැක්කේ සියයට 17ක් පමණකැයි විශ්වාස කරන අතර ඉන් වැඩිපුරම නිෂ්පාදනය කෙරෙන්නේ දැවිතෙල් හා තාර වැනි බර නිෂ්පාදන යැයිද ඔවුහු කියා සිටිති.

සපුගස්කන්ද පිරිපහදුව සම්පූර්ණ ධාරිතාව යටතේ පිරිපහදුව සිදු කළහොත් මෙම මස මැද වනවිට බොරතෙල් අවසන් වී යළි එය නවතා දැමීමට සිදුවන බවද එහි නිලධාරීහු කියති.

අවම ධාරිතාව යටතේ ක්‍රියාත්මක කළත් ලබන 27 වැනිදා වනවිට එය යළි නතර කරන්නට සිදුවී ඇත්තේ බොරතෙල් යළි ආනයනය කිරීමට වැඩපිළිවෙළක් යොදා නොමැති නිසාය.

මේ වනවිට තෙල් සංස්ථාව සතුව පවතින සීමිත ඉන්ධන අරපිරිමැස්මෙන් රටපුරා ඉන්ධනහල් වෙත යවන බැවින් සමස්ත ඉන්ධනහල් 1190න් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට ඩීසල්, පෙට්‍රල් ලබාදීමට නොහැකිවී ඒවා වසා දමා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now