ශ්‍රී ලංකා තරුණියක් ඉන්දියාවම හොල්ලමින් මෙරට කොඩිය ඔසවයි....

Sri Lanka Indian INTERNATIONAL BRAVE BOXING COUNCIL
By Aruna Mar 29, 2022 06:15 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියාවේ, චෙන්නායි නුවර පැවති බොක්සිං තරඟයකින් මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචි තරුණියකට රන් පදක්කමක් හිමිව තිබෙනවා.

INTERNATIONAL BRAVE BOXING COUNCIL විසින් සංවිධානය කළ එම බොක්සිං තරගාවලියේදී මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි යෝගරාසා නිදර්ශනා තරුණිය රන් පදක්කමක් දිනාගෙන ඇත.

බොක්සිං පුහුණුකරු නන්දකුමාර් මහතා යටතේ පුහුණුව හැදෑරු හතරදෙනෙකුගෙන් යුතු උතුරු පළාතේ කණ්ඩායමක් පසුගිය 26 වැනිදා පැවති තරගාවලිය වෙනුවෙන් සහභාගි වි ඇති අතර, එහිදි නිදර්ශනා රන් පදක්කමක් හිමිකරගෙන ඇත.

වවුනියාව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එස්. ශ්‍රීදරන් හා ටි.නාගරාජා යන ක්‍රීඩකයින්ද, මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඊ. ක්‍රිෂ්ණවේණි හා යෝගරාසා නිදර්ශනා යන ක්‍රීඩිකාවන්ද එම තරගාවලියේ සඳහා සහභාගී වූහ.

ජයග්‍රාහණය ලැබු දැරියගේ පියා අහිමිව ඇති අතර,දැරිය මව සමඟ කෘෂිකාර්මික කටයුතු සිදුකරමින් ජිවිකාව ගෙන යන බව ප්‍රදේශවාසීන් පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha