එංගලන්තයට ක්‍රිකට් ඉගැන් වූ ලංකාවේ අවුරුදු 14 පුංචි කෙල්ල..ලකුණු 118කට එංගලන්තය දණගැස්සූ හැටි මෙන්න..

Report

වයස අවුරුදු 19න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව ලකුණු 108ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් ඊයේ (09) සමත් වුණා.

මෙම තරගයේදී 14 හැවිරිදි චමෝදි ප්‍රබෝධා ලකුණු 42කට කඩුලු 5ක් දවා ගැනීම හැමෝගේම වැඩි අවධානයට ලක්වීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත් විය.

ගාල්ලේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලකුණු 226ක් රැස් කළේ ය.

එංගලන්තයට ක්‍රිකට් ඉගැන් වූ ලංකාවේ අවුරුදු 14 පුංචි කෙල්ල..ලකුණු 118කට එංගලන්තය දණගැස්සූ හැටි මෙන්න.. | Sri Lanka And England Young Cricket Match

ලකුණු 227ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත යොවුන් ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වුණා.

ඒ අනුව එංගලන්ත පිලට පන්දුවාර 23යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 118ක් පමණයි.

ඒ අනුව ලකුණු 108කින් ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණය කළා.