ශ්‍රී ලංකාව අද තීරණාත්මක සටනකට සැරසෙයි..වැඩි වාසි අපේ සිංහයින්ටයි?..
Cricket
Sri Lanka Cricket
Bangladesh Cricket Team
ICC Men
By Aruna
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදට යෙදී තිබෙනවා.
ඊයේ (23) දිනය සදහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 119ක් රැස්කර ගෙන සිටියා.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 52ක් රැස්කර ගැනීමට සමත් වුණා.
නොදැවී පන්දුවට පහරදෙන නායක ධනංජය ද සිල්වා රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 23ක් සහ විශ්ව ප්‍රනාන්දු නෙදැවී ලකුණු 2ක් ලබාගෙන සිටියේ ය.
පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 280ක් රැස්කර ගත් අතර, බංග්ලාදේශ කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 188ක් පමණයි.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා පිල ලකුණු 211ක් ඉදිරියෙන් සිටී.
