ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයට මිලියන 33.6ක් වෙන් කරයි

Report

ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයක් එළඹෙන වසරේදී (2026) පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව වසර දහයකට වරක් සිදු කරනු ලබන මුඛ සෞඛ්‍ය සංගණනය අවසන් වරට සිදුකර ඇත්තේ පසුගිය 2015/ 2016 කාලසීමාවේදී බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර ඇත.

එබැවින් එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත මුඛ සෞඛ්‍ය සංගණනය - 2025/ 2026 වෙනුවෙන් රුපියල් මිලියන තිස්තුනයි දශම හයක් (33.6)ක් වෙන්කර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

18ට වැඩි නම් මීට පස්සේ මේකට අවසර තියෙනවා - අලුත් නීතියක්

18ට වැඩි නම් මීට පස්සේ මේකට අවසර තියෙනවා - අලුත් නීතියක්

ඒ අනුව ලබන වසරේ (2026) අයවැය ඇස්තමේන්තු මඟින් සලසන ප්‍රතිපාදන යටතේ මෙම සංගණනය සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

හෙට සහ අනිද්දට දිවයිනටම වලංගු නිවේදනයක්

හෙට සහ අනිද්දට දිවයිනටම වලංගු නිවේදනයක්