ඉරානයට ගෙවිය යුතු ණය පියවීමට ශ්‍රී ලංකාව එකඟ, වූ දේ..

By Sewvandhi Dec 24, 2021 12:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉරානයෙන් මිලදීගත් ඛනිජ තෙල් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවීමට ඇති අමෙරිකානු ඩොලර් මිලියන 251ක මුදලක් වෙනුවෙන් ශ්‍රී ලංකා වැවිලි අමාත්‍යාංශය සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ කර්මාන්ත, පතල් හා වෙළෙඳ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ සෑම මසකම ඩොලර් මිලියන 5 ක් වටිනා තේ ඉරානයට අපනයනය කෙරෙන අතර එමගින් පසුගිය වසර හතර පුරා එරටින් ශ්‍රී ලංකාව ලබාගත් ඉන්ධනවල වටිනාකම ක්‍රමානුකූලව පියවීමට මෙරට බලධාරීන් එකඟවී ඇති බව සඳහන් විය.

ණය බර ක්‍රමානුකූලව අවම කරගැනීම මෙහි අරමුණයි. මේ අතර ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් කළ යුතු දී පිළිබඳව ආර්ථික විශේෂඥයන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් මේ වසර අවසාන වනවිට ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන තුනකට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ රාත්‍රියේ නිල වශයෙන් නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ තිබෙන මූලිකම අභියෝග දෙක වන්නේ විදේශ සංචිතය ඉහළ නංවාගැනීම සහ ණය ආපසු ගෙවීමේ විශ්වසනීයත්වය ගොඩනගාගැනීමයි.

එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙන්නේ මහ බැංකුවට ලැබෙන ප්‍රධාන විදේශ විනිමය ලැබීම් අතර මැද පෙරදිග සහ අනෙකුත් කලාපීය මහ බැංකු සමඟ අමෙරිකානු ඩොලර් බිලියන 2 ක පමණ විදේශ විනිමය හුවමාරු පහසුකම් ඇතුළත්වන බවය.

එමෙන්ම රජය ද්වීපාර්ශවික මූල්‍ය පහසුකම් ලබාගැනීම්, ඒකාබද්ධ ණය පහසුකම් ලබාගැනීම් මෙන්ම බහුපාර්ශවික සංවිධාන තුළින් ණය ලබා ගැනීමේ ක්‍රියාවලියක ද යෙදී සිටින බවත් ඉහළ මට්ටමේ විදේශ සංචාරවලදී සාකච්ඡා කරන ලද අපේක්ෂිත විදේශ විනිමය පහසුකම් ලැබීම් ද ඉදිරියේදී සාර්ථක වනු ඇති බවත් මහ බැංකුව පවසයි.

එසේම, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම් ඇතුළු විදේශීය ණය ආපසු ගෙවීමෙන් ශ්‍රී ලංකාව සිය ණය බැඳීම් සාර්ථකව ඉටුකර ඇති බවද එහි වැඩිදුරටත් සඳහන් වෙයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ රට ස්ථාවරභාවයකට ගෙන ඒම සඳහා සියලු පක්ෂ එක්විය යුතු බව ඊයේ පැවති අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී ආර්ථික විශේෂඥයන් ‍පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now