තැන තැන මාර්ග අනතුරු ..රියදුරන්ට පණිවිඩයක්
ඇහැළියගොඩ තොරනගොඩ ප්‍රදේශයේදී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් අනතුරකට පත් වී තිබෙනවා. අදාළ බස් රථය අද පෙරවරුවේ කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ බස් රථයක් බව ඇහැළියගොඩ පොලිසිය පැවසුවා.
මේ දිනවල දිවයිනේ බෝහෝ ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාවක් සමග මාර්ග ලිස්සා යාමේ ප්‍රවණතාවයක් බහුලව දැකිය හැකිය.
කෙසේ නමුත් අධික වේගයෙන් ධාවනය වූ බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ඇති අතර රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වූ බව සදහන්.
පවතින අධික වර්ෂාව හේතුවන් මෙවැනි අනතුරු සිදු වීමේ ප්‍රවණතාව වැඩි බැවින් ප්‍රවේශම්කාරී ලෙස රිය ධාවනය කරන ලෙස පොලිස් රථ වාහන කොට්ඨාශය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා .
මේ අතර අද ( 08 ) පස්වරුවේ පස්යාල - මීරිගම මාර්ගයේ කල්එලිය ප්‍රදේශයේදී සුඛෝපභෝගී ලංගම බස් රථයක් අනතුරකට පත් වී තිබෙනවා.
ඉදිරියෙන් පැමිණි තවත් රථයකට ඉඩ ලබා දීමට වම් පසට ගත් අවස්ථාවේදී මාර්ගයේ නවතා තිබූ කුඩා ලොරි රථයක පිටුපස ගැටීමත් සමග මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
කුඩා ලොරි රථය පසෙක තිබූ ගේට්ටුවක ගැටී නතරවීමෙන් කුඩා ලොරි රථය තුල සිටි අයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
