21 සම්මත කළොත් දේශපාලන අර්බුදයක් වේවි..

By Sithumi May 30, 2022 01:25 PM GMT
Sithumi

Sithumi

Report

යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ හොත් දැනට පවතින ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වන බව නිතීඥ කනිෂ්ක විතරණ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (30) ප්‍රකාශ කළේය.

දේශප්‍රේමී ජාතික පෙරමුණේ මහ ලේකම්වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරයා මෙලෙස ප්‍රකාශ කළේ යෝජිත 21 වැනි සංශෝධනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් පහක් අද (30) විභාගයට ගත් අවස්ථාවේදීය. ආචාර්ය ගුණදාස අමරසේකර, ජාතික ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ලුතිනන් කර්නල් අනිල් අමරසේකර, එක්සත් ලංකා මහ සභා පක්ෂයේ ලේකම් ජයන්ත කුලතුංග යන මහත්වරුන් ඇතු`ථ පස් දෙනකු විසින් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරනු ලැබ තිබිණී. 

   අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් අද (30) කැදවිණී. දේශප්‍රේමී ජාතික පෙරමුණේ මහ ලේකම් නිතීඥ නුවන් බෙල්ලන්තුඩාව මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ කණීෂ්ක විතාරණ මහතා කරුණු දක්වමින් සදහන් කර සිටියේ, මෙම යෝජිත පනත් කෙටුම්පතෙහි 4 වන ඡේදය අනුව විධාය ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් තේරී පත්වීමට ඇති අයිතිය අහිමි කර ඇති බවය. 

මෙම පනත් කෙටුම්පතෙහි 7 වැනි ඡේදය අනුව අග්‍රාමාත්‍යවරයා සමග ජනාධිපතිවරයා කටයුතු කිරිමට ප්‍රතිපාදන සැලසීමෙන් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු වී ඇති බවත් මේ හේතුවෙන් බලය බෙදීමේ න්‍යාය උල්ලංඝනය වන අතර මෙය සම්මත කළහොත් දැනට පවතින ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා පරිවර්ථනය වන බවත් නිතීඥවරයා සදහන් කළේය