තාත්ත සහ දුව අතරෙ සිදුවූ මෙතෙක් නොඇසූ කතාවක්..සියලු දරුවන් සහ දෙමාපියන් අනිවාර්යයෙන් දැන ගතයුතුම කතාවක්..

Sri Lanka Gossip Today
By Aruna Jun 24, 2022 12:39 AM GMT
Aruna

Aruna

Report

"මේ ලෝකේ සම්මතය අසම්මතය කියලා දෙයක් තියෙනවා.." "ඒත් මේක කොයි ගොඩට වැටෙනවද කියලා මට හිතාගන්න බෑ.." "මට ඒ දෙන්නගෙන් කාව මරන්නද? ජීවත් කරන්නද?

නැත්තම් දෙන්නවම මරන්නද තේරෙන් නෑ.." "ඒ මගේ දුව.... මට තාමත් හිතෙන් නෑ ඒ මගේ දුව කියලා. ආයෙම මගේ දුවට ඉගිලෙන්න බෑ ඒකිට ඕනි විදිහට.

මම ඒකිගේ අත්තටු කැපුවා..." මේක අම්මා කෙනෙක් කියන කතාවක්. මෑතක පොලිස් පොතේ ලියවුණු ඔබට විශ්වාස කරන්නත් බැරි විදිහේ කතාවක්.

ඒක ඒ අම්මට උහුලන්න බැරි තරම් දුකක්. සහ................. ඒ අම්මා ඒක රහසක් විදිහට තියාගෙන ඉඳිවී සඳහටම...

"සර්... ඒ මගේ දුව. මම හැදුවේ ඇහැක් වගේ. මගේ දුවට මට වඩා තාත්තට කිට්ටුයි. ඒක කොහොමත් එහෙමනේ.

තාත්තලාලුනේ දුවලාට වැඩියෙන්ම ආදරේ. මගේ දුවට ඒ වෙද්දි අවුරුදු 12ක් විතර ඇති. ගොඩක් පරිස්සමට මම හැදුව දෝණි....

එයා අනිත් ළමයින්ට වඩා ටිකක් ෆෝවඩ්. ගොඩක්ම වෙලාවට එයා කතා කළෙත් ලොකු ලොකු දේවල් ගැනයි. කාන්තාවන්ගේ විමුක්තිය ගැන..

අයිතිවාසිකම් ගැන එහෙමත් ලොකුවට කියවනවා..." "පිරිමි ළමයි එයාට කරදර කරන්න ආපු හැටි, බස්වලදී කකුල් පාගපු ඒවා එහෙම ගැනත් කියවනවා.

ඒ නිසා ඇත්තටම දුවට හානියක් වේවි කියලා මං හිතුවේ නෑ. මේ හැමදේම වුණේ අහම්බෙන්. අනේ මන්දා...

මම කවදාවත් මගේම මිනිහා අවිශ්වාස කළේ නෑ. එයා හුඟක් උගත් මිනිහෙක්. අනික දූටත් ආදරෙයි. හැබැයි ඒ ආදරේ ඕනෑවට වැඩී කියලා මට දැණුනු තැන් තිබුණා.

සමහර වෙලාවට බාත්රූම් එකේ දුව නානකොට තාත්තා ටවල් එක අරන් ඇතුළට රිංගනවා. ඔය සේරම සාමාන්‍ය දේ.

හැබැයි අසාමාන්‍ය බව මට දැණුනේ හැමදේම වුණාට පස්සේ..." "එදා මේ දේ වුණේ මම කලින් ගෙදරට ආපු වෙලාවක.

එදා සෙනසුරාදා දවසක්. කාමරෙන් ඇහුණු මුකුලුව මට ඇල්ලුවේ නෑ. මම සාමාන්‍යයෙන් ටවුන් එකට ගියාම එන්නේ හවස් වෙලා.

මොකද යාලුවගේ දිහාත් ගිහින් එන්නේ. වෙනදා ඇල්ටො එකේ යන්නේ. එදා ගියේ බස් එකේ. ඇවිත් සද්ද නැතුවම දූගේ කාමරේට එබෙද්දි... මෙන්න දුවයි තාත්තයි දෙන්නා..

දෙයියනේ ඒ මම දැකපු දේ.. මම දුවෙක්ව තාත්තෙක්ව දැක්කේ නෑ. හරියටම නිල් චිත්‍රපටියක් බලනවා වගේ දෙයක්.."

"මට ක්ලාන්ත වුණා. දුව අඬන්න ගත්තා. ඒ මගේම මිනිහා එයාගේ ලෙයින් උපන්න දුවව දූෂණය කිරීමක් නෙවෙයි. දෙන්නගෙම කැමැත්ත ඇතුව වෙන දෙයක්.

විශ්වාස කරන්න සර්.... ඒක එහෙම දෙයක්. මගේ දුව ඇඬුවා. අර තිරිසන් බල්ලා දුවගේ රහස් තැන් හපා කාලාත් තිබුණා. ඌ කිව්වලූ මගේ කෙල්ලව අනාගතයට හුරු කරනවා කියලා.

මේකිත් ආසාවෙන් සෙල්ලම කරලා..." "මම මුලින්ම මේක හීනයක් කියලා අමතක කරන්න හිතුවේ. ඒත්... පස්සෙ මට තේරුණා ඒකේ බරපතලකම.

මටත් කලින් අපේ අම්මලා මේක ගැන කාන්තා කාර්යාංශයට කියලා තිබ්බා. මටත් පොලිසියට යන්න වුණා. අන්තිමේ මගේ මිනිහාට හිරේ යන්න වුණා, දුවට අතවර කරපු වරදට.

මොකද කෙල්ල වයස 16 සම්පූර්ණ නොකරපු නිසා. මම එදා ඉඳන් මේ වෙනකන් දුවව තියන් ඉන්නේ නිවාඩ අඩස්සියේ..

ඒකිට පිරිමියෙක්, අඩුම මගේ තාත්තාවත් (සීයා) කිට්ටු වෙනවට මම කැමති නෑ. කවුරු එහෙම ඒකි අතගෑවත්, ඒකිට අතට අත දුන්නත් මට බයයි. අනේ මන්දා......"

"මම මගේ දුවට ආදරෙයි... මොකද මම දන්නවා මේක තාත්තා කියන තිරිසනා මගේ දුවව පොළඹවගෙන කළේ. ඌට හෙණ ගහලත් මදි කාළකණ්ණියා.."

අවධානයට: දියණියන් සිටිනා මවුවරුණි, පියවරුණි, මේ ඔබේ අවධානය පිණිසයි !

1. ඔබේ දියණියට වැඩිහිටි පිටස්තර පිරිමින්ගේ උකුල උඩ වාඩිවෙන්න දෙන්න එපා, වැළදගන්න දෙන්න එපා, සිපගන්න දෙන්න එපා.

2. පිටස්තරයින් ඉදිරිපිටදී කිසිම දියණියකගේ ඇදුම් මාරු කරන්නෙපා.

3. මේ මගේ බිරිඳ,මේ මගේ පෙම්වතිය ලෙස විහිළුවටවත් දරුවාව හැදින්වීමට කාටවත් ඉඩදෙන්න එපා.

4. පුංචි දියණිය යාලුවොත් එක්ක සෙල්ලම් කරනකොට,ඇය ආශ්‍රය කරන යාලුවෝ ගැන හොදින් සැලකිලිමත් වෙන්න. ඔබ නොදන්නවා උනාට බොහෝ දරුවන් ලිංගිකව අපයෝජන වලට ලක්වී තිබිය හැක. ඔබේ දියණියටද ඔවුන්ගේ අත්දැකීම් වල වැරදි ප්‍රතිපල හිමිවිය හැක.

5. දරුවා ප්‍රතික්ෂේප කරන,ගැවසීමට අකමැති,ඇසුරු කරන්න අකමැත්තක් දක්වන වැඩිහිටියන් ලගට යන්න කවදාවත් බල කරන්න එපා.

6. බොහොම ක්‍රියාශීලීව,කෙළිදෙලෙන් කාලය ගත කරපු ඔබේ දරුවා ක්ෂණිකව වෙනස් වුනාද? නිහඬද? හැකි ඉක්මනින් දරුවා පිලිබදව අවධානය යොමු කර, දරුවාට ආදරය ලබා දී දරුවා පිලිබදව සොයා බලන්න. ඉවසිලිමත්ව දරුවාගෙන් ඒ පිලිබදව විමසන්න.

7. දරුවා නරඹන කාර්ටුන්,චිත්‍රපට සහ පරිඝනක ක්‍රීඩා පිලිබදව විමසිලිමත් වන්න. ඔබද නොදැනුවත්වම ඒ හරහා දරුවා ලිංගික ක්‍රියාවන්ට යොමු විය හැක.

8. අන්තර්ජාලයට භාවිතා කර දරුවන් පිවිසෙන වෙබ් අඩවි පිලිබදව සොයා බලන්න.

9. දරුවාට තමන්ගේ සිරුරේ අවයව හොදින් පිරිසිදු කරගන්නා ආකාරය හොදින් උගන්වන්න.ගෙදර මෙහෙකරුට හෝ මෙහෙකාරියට දරුවාගේ අවයව අල්ලන්න ඉඩදෙන්න එපා.

10. පිරිසක් ඉදිරියේ විනීතව සහ අචාරශීලිව හැසිරෙන හැටි දරුවාට පුරුදු කරන්න,ඇදුම් අදින ආකාරය සහ සියලු දේ.

11. ඔයාගේ දරුවා කිසිම විටෙක කිසියම් කෙනෙක් පිලිබදව පැමිණිලි කලොත් නිහඩව ඉන්න එපා. වහාම ඒ පිලිබදව සොයා බලන්න.

12. නිහඩව සිටීම යම්කිසි අපරාධයකට දිරිදීමක් විය හැකි අතර එවැන්නක් සිදුවුවොත් එය ඔබේත් දරුවාගේත් මුළු ජීවිත කාලයටම වදදෙන වේදනාවක් පමණක් උරුම කරාවී.

(මෙම උපුටා ගැනීම - Rankoth - ශ්‍රී.)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now

ReeCha