සාපරාධී ඉරාන ආක්‍රමණයෙන් පසු කුවේට් ගුවන් තොටුපළේ 4 වැනි පර්යන්තය යළි විවෘත කරයි
ඉරානයෙන් එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් දැඩි ලෙස හානි වීමෙන් අනතුරුව අද(03) දින කුවේට් ගුවන් සීමාව වසා දැමීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් කුවේට් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ මණ්ඩලය කුවේට් ගුවන් සේවයේ 4 වන පර්යන්තය යළි මෙහෙයුම් ආරම්භ කරන බවට තහවුරු කිරීමත් සමඟ පැය කිහිපයකට පසු ගුවන් සීමාව යළි විවෘත කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙම ප්‍රහාරයෙන් එක් අයෙකු මිය ගිය අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලැබූ බව සඳහන්.
මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ බ්‍රිගේඩියර් ජෙනරාල් සවුඩ් අබ්දුලාසීස් අල්-ඔටයිබි විසින් ගුවන්තොටුපළේ ජාත්‍යන්තර පර්යන්තය වෙත එල්ල වූ මෙම ප්‍රහාරය "සාපරාධී ඉරාන ආක්‍රමණයක්" වශයෙන් විස්තර කර ඇත.
කෙසේ වෙතත් මගීන් සහ ගුවන් ගමන් ආරක්ෂිතව පිළිගැනීමට පර්යන්තය සූදානම් බව සහතික කිරීමට අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් විශේෂිත කණ්ඩායම් විසින් සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණ සහ තාක්ෂණික ඇගයීම්වලින් පසුව මෙහෙයුම් යළි ආරම්භ කිරීමට ගත් තීරණයට අනුව බව අධිකාරිය සඳහන් කර ඇත.
ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වලට රතු එළියක් - ඔබාමාගේ ඇතුළු ඉහළ පෙළේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් හැක් කළ බවට පරිශීලකයින් කැළඹෙයි