ලෝකයම මඟ බලපු ආරංචිය මෙන්න - ඉරානයේ න්‍යෂ්ටික අවි ගැන ප්‍රකාශයක් - අමෙරිකාව උත්තරීතර නායකයා සමග සාකච්ඡා?
ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමේ කටයුතුවලින් බැහැරව සිටීමට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
දෙපාර්ශ්වය අතර පවතින සතුරුකම් අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡා සඳහා ඉරාන උත්තරීතර නායක මොජ්තබා ඛමේනි සෘජුවම දායක වී ඇති බව සඳහන් වේ.
එමෙන්ම, අමෙරිකානු ජනාධිපතිවරයා ඉඟි කර ඇත්තේ ඉදිරි රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ද ඉරාන උත්තරීතර නායකයා සමග සෘජුවම පැවැත්වීමට ඉඩ ප්‍රස්ථාව පවතින බවයි.
මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුධමය හා දේශපාලන නොසන්සුන්තා හමුවේ, අමෙරිකාව සහ ඉරානය අතර සබඳතාවල නව හැරවුමක් සනිටුහන් කරමින් ජනාධිපති ට්‍රම්ප් මෙම විශේෂ ප්‍රකාශය සිදු කර ඇත.