ජපන් හීනේ ඉෂ්ට වෙන්නයි යන්නේ - මේ උපාධිධාරීන්ට ළඟදිම රැකියා දෙන බවට රජයෙන් දැනුම්දෙයි

Report

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ උපාධිධාරීන්ට ජපානයේ තාක්ෂණික රැකියා අවස්ථා දීමට ජපාන රජය එකඟතාවයකට පැමිණි බවයි.

ඒ අනුව මෙම වැඩපිළිවෙළ ඉදිරියේදී විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ අංශ සහ තානාපති කාර්යාලය ඔස්සේ සම්බන්ධීකරණය කර කඩිනමින් ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවයම මෙහිදී තීරණයකට එළඹ ඇති බව සඳහන්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ධීවර ක්ෂේත්‍රය නවීකරණයට ජපාන රජය සමඟ විශේෂ එකඟතාවකට එළැඹි බවයි.

මෙම එකඟතාවලට පැමිණ ඇත්තේ ජපානයේ නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ජපානයේ කෘෂිකර්ම, වන විද්‍යා හා ධීවර රාජ්‍ය අමාත්‍ය නෙමොටෝ යුකිනෝරි මහතා අතර ටෝකියෝ නුවර පිහිටි ජපාන ධීවර අමාත්‍ය කාර්යාලයේ පැවැති ප්‍රතිපත්තිමය මට්ටමේ සාකච්ඡාවකදී බව වාර්තා වේ.

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත

එමෙන්ම දෙරට අතර ධීවර, ජලජීවී වගා සහ සාගර සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම එම හමුවේ ප්‍රධාන අරමුණ වූ බව සඳහන්. තවද එහිදී ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර අගය එකතු කිරීමේ දාමය ප්‍රවර්ධනය කිරීම සහ ජපානයෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබා ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇත.

එමෙන්ම ජපාන වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ මුහුදු ආහාරවලට පවතින ඉල්ලුම තවදුරටත් වර්ධනය කරගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

එම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක කුමාරසිංහ සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස යන මහත්වරුන් ද එක්ව ඇත.

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගයක් - මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගයක් - මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

GalleryGalleryGalleryGallery