වසර 13 ට පසු අඩිය තිබ්බ පිටිය ලංකාවට සුබ වෙයිද? කාසියේ වාසියත් බ.ඉ. කොදෙව්වන්ට
ශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු එක්දින ක්රිකට් තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව ඇත. කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම තරගය ජැමෙයිකාවේ කිංග්ස්ටන් හී සබීනා පාර්ක් ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ මෙරට වේලාවෙන් රාත්රි 8.00 ටයි. මෙහි විශේෂත්වය නම් මෙම ක්රීඩාංගණයේදී ශ්රි ලංකාව එක්දින තරගයක් ක්රීඩා කරනු ලබන්නේ වසර 13කට පසුව වීමයි.