අමාරු තත්තවයෙන් රට ගොඩගත හැකි ක්‍රමවේදයක් ගැන හෙළිකරයි.(PHOTOS)
කොවිඩ් ව්‍යසනයට මුහුණදෙමින් රට ගොඩනැංවීම උදෙසා වසංගතය මෙන්ම ආර්ථිකය ද කළමනාකරණය කිරීම අතිශය වැදගත් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.
ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය කාර්යාලයේ නිලධාරීන් සමග සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (16) පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි, අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
ඉහළ විදේශ විනිමයක් ඉලක්ක කෙරෙන සංචාරක ක්ෂේත්‍රය ප්‍රමුඛ වන බවත්, ඉන් ලැබුණු ඇමරිකානු ඩොලර් බිලියන 5ක පමණ වන ආදායමක් වසංගතය හේතුවෙන් අහිමි වූ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
මෙරට රෝහල් පද්ධතියේ ඔක්සිජන් සැපයුම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු වූ අතර, ඔක්සිජන් නිෂ්පාදන යන්ත්‍ර ස්ථාපිත කිරීම, ගබඩා කිරීමේ ටැංකි ස්ථාපිත කිරීම, , ඔක්සිජන් නිෂ්පාදන ජංගම රථ වැඩපිළිවෙළ ආරම්භ කිරීම ආදී ව්‍යාපෘති යෝජනා සම්බන්ධයෙන් විවිධ වැදගත් තීරණ රැසක් මෙහිදී ගනු ලැබුවා.
මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ අතිරේක ලේකම් වෛද්‍ය සේවා වෛද්‍ය සුනිල් ද අල්විස් යන නිලධාරීන් එක්ව සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |






