අද සිට සතියට දින 02ක් අවසර හිමි වූ දේ මෙන්න..
Police
Sri Lanka
Prison
By Aruna
බන්ධනාගාරගත සිරකරුවන්ට සතියට දින 02ක් අමුත්තන් බැලීමට අවසර ලබා දී ඇති බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් (පාලන/ පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන) සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා.
මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් බස්නාහිර පළාත තුළ ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථ 481 කට පොලීසීය අවවාද කර තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදීයී.
නිලධාරීන් 478 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කළ අදාළ මෙහෙයුමේදී මගී ප්‍රවාහන බස් රථ 916, වායු සමනය කළ බස් රථ 173 ක් පරීක්ෂාවට ලක් කළ බවයි පොලීසීය සඳහන් කළේ.
මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් පවත්වාගෙන ගිය වෙළෙඳසැල් 495 ක හිමිකරුවන්ට ද අවවාද කර තිබෙනවා.
එහිදී වෙළෙඳ සැල් 1,220 ක් පරික්ෂාවට ලක් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
