ලබන 12 වෙනිදා ලංකාවේ වෙන්න යන දේ මෙන්න..සියලු බලාපොරොත්තු බොඳ වෙයි!!

Sri Lanka Petrol Deecel
By Aruna Oct 17, 2021 01:30 AM GMT
Aruna

Aruna

Report

දිගින් දිගටම ඉහළ යන ලෝක ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම ලබන මස 12දා ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනය මගින් සිදුකෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි. මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90කට ආසන්න වී තිබේ.

මෙයට මාස තුනකට පෙර ඉන්ධන බැරලයක මිල ඩොලර් 65ක් පමණ විය.

එම නිසා ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට බලශක්ති අමාත්‍යාංශය වාර ගණනාවක් මුදල් අමාත්‍යාංශයේ අවසරය ඉල්ලා තිබූ නමුත් ඊට අවසරය ලැබුණේ නැත.

ඉන්ධන මිල අර්බුදය ගැන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අතර සාකච්ඡාවක්ද පවත්වා ඇත.

එහිදීද මුදල් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඉන්ධන මිල ඉහළ දැමීම අයවැය මගින් සිදු කිරීම යෝග්‍ය බවයි.

එහෙත් ඉන්ධන මිල ඉහළ යන ආකාරය ගැන කිසිදු තොරතුරක් මෙතෙක් හෙළි වී නැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now