ලංකාවට බැන්න සුද්දා ට වැඩේ වැරදුන හැටි මෙන්න.(VIDEO)

Sri Lanka
By Aruna Oct 14, 2021 08:05 AM GMT
Aruna

Aruna

Report

ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට හා නියෝජිත ආයතනය සම්බන්ධ කරගැනීමට නොහැකිවීම හේතුවෙන් ආපසු හැරීයාමට සිදු වූ බවට මෙරටට පැමිණි අමෙරිකානු සංචාරකයෙකු වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදා හරිමින් කළ ප්‍රකාශය ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම ප්‍රතික්ෂේප කරනවා.

එහි මෙහෙයුම් අධ්‍යක්ෂ ශෙහාන් සුමනසේකර මහතා පැවසුවේ අදාළ සංචාරකයා පිළිබඳ කළ සී.සී.ටී.වී. විමර්ශනවලින්ද ඔහුගේ ප්‍රකාශය අසත්‍ය බවට පැහැදිලිවන බවයි.

තමන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට සහ නියෝජිත ආයතනය සම්බන්ධ කරගැනීමට නොහැකිවීම හේතුවෙන් පැය 5ක පමණ කාලයකට පසු ආපසු හැරීයාමට සිදු වූ බව පවසමින් මෙරටට පැමිණි අමෙරිකානු සංචාරකයෙකු සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදා හැර තිබුණේ පසුගිය 7 වැනිදායි.

අනතුරුව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද මේ සම්බන්ධ පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විමර්ශනයක් සිදුකර ඇති අතර එහි වාර්තාව ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා වෙත භාරදී තිබෙනවා.

ජෝර්ජ් නමැති අමෙරිකානු සංචාරකයා මෙරටට පැමිණීමට පෙර ජර්මනියේ ලියාපදිංචි තෙවන පාර්ශ්ව වෙබ් අඩවියකින් මෙරට කුලී රථ සමාගමක කුළී රථයක් වෙන් කරගෙන ඇත්තේ පසුගිය 6 වැනිදාටයි.

නමුත් ගුවන් තොටුපොළ වාර්තා අනුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 7 වැනිදා වන අතර පෙර දිනයේ අදාළ කුලී රථ රියදුරා ඔහු වෙනුවෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ බලා සිටි බවද වාර්තා වනවා.

අදාළ අමෙරිකානු සංචාරකයා පලකළ අදහස් පහතින්.


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු with ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සිකුරාදාවක්ම සවස 4.00 ට අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. 


වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.