ශ්‍රී ලංකාවේ ඉදිරි සති 02 ක ගැන දැනුම් දීමක්.. සූදානමින් සිටින්න.

Covid Sri Lanka Hemantha herath
By Aruna Aug 31, 2021 08:55 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි සති දෙකෙන් පසු මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට හැකි වනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ වනවිට දින දහයක කාලයක් රට තුළ නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරමින් වෛරසය පැතිරයාම වළක්වා ගැනීමට ගත් පියවරට අනුව ජනතාව හැසිරී තිබෙන ආකාරය ද ඉදිරි දිනවල වාර්තාවන ආසාදිතයන් අනුව තේරුම්ගත හැකි බවයි වෛද්‍යවරයා පැවසුවේ.

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීති සීමාව කොයි මොහතක හෝ ඉවත්කරන බැවින් ඊට පෙරාතුව පොදු ගමනාගමන හා ආයතනවලදී සේවකයන් හසුරවන නව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් සැකසීමට ඒ ඒ අංශවල බලධාරීන්, නිලධාරිනී කටයුතු කළයුතු බවද වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා.

නොමැතිනම් රට විවෘත කළ සැණින් වයිරසය යළි පැතිරීයනු ඇති බවයි ඔහු පැවසුවේ.

සෞඛ්‍ය අංශවලට පමණක් මෙම වෛරසය පාලනය කළ නොහැකි බැවින් එකිනෙකා අතර දුරස්ථභාවය තබාගෙන එදිනෙදා කටයුතු කරගෙන යාහැකි ලෙස සෑම අංශයක්ම ආවරණයවන පරිදි නව ආරක්ෂිත ක්‍රමවේද සැකසීම අත්‍යවශ්‍ය බවයි ඒ මහතා අවධාරණය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now